අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩු කිරීමේ වැඩපිළිවෙළක්

දේශපාලන ආරංචිමාර්ග වලට අනුව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් වන බව වාර්තා වනවා.

ඒ අනුව ජනාධිපතිවරයා මෙරටට පැමිණී වහා එම ඉල්ලීම කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක්කියා සිටියා.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩු කර ජනතාවට සහන සලසන ලෙස හිටපු අමාත්‍ය විමලවීර දිසානායක සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරචි යන මහත්වරු ජනාධිපතිවරයාගෙන් පසුගියදා විශේෂ ඉල්ලීමක් කර තිබුණා.

ජගත් කුමාර මහතා ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරයාගෙන් එම ඉල්ලීම කළ බව සඳහන්.

විමලවීර දිසානායක මහතා ද ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම් දෙකකදී එම ඉල්ලීම කර තිබෙනවා.

මේ අතර භාණ්ඩ මිල අසීමිත ලෙස වැඩි කරන ව්‍යාපාරික මාෆියාව පරාජය කිරීම සඳහාද වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් බව අනාවරණය වනවා.

Related posts

Leave a Comment