ඉයන් සුළි කුණාටුව කැරොලිනා ප්‍රාන්තයට

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට දැඩි හානි සිදු කළ ඉයන් සුළි කුණාටුව මේ වන විට දකුණු කැරොලිනා ප්‍රාන්තය දක්වා ගමන් කරමින් තිබෙන බවයි.

ඉයන් සුළි කුණාටුවෙන් මර්ටල් බීච් නගරයට දැඩි හානි සිදුව තිබෙන අතර එම ප්‍රදේශය තුළ ජල ගැලීම් තත්ත්වයක්ද හටගෙන තිබෙනවා.

එසේම විශේෂඥයින් පවසන්නේ අද(01) දිනයේදී ජෝර්ජියා ප්‍රාන්තයටත් සුළි කුණාටුවෙන් දැඩි බලපෑමක් සිදුවනු ඇති බවයි.

Related posts

Leave a Comment