ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිළ අවසන් මහා තරගයට

Road Safety ලෝක ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්වුණා.

ඒ බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 14කින් පරාජය කරමින්.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 172ක් රැස් කළා.

ඒ අනුව කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායමට තරගය ජයගැනීම සඳහා හිමිවී තිබූ ඉලක්කය ලකුණු 173ක්.

ඊට පිළිතුරු ලෙස කොදෙව් කණ්ඩායම ට රැස්කළ හැකිවූයේ කඩුලු 7ක් දැවී ලකුණු 158ක් පමණයි.

ඒ අනුව ලෙජන්ඩ්ස් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර අවසන් මහ තරගය අද (01දා) ඉන්දියාවේ රයිපූර්හි පැවැත්වීමට නියමිතයි.

මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට අවසන් මහ තරගය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Related posts

Leave a Comment