විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානය ශ්‍රී ලංකන් ගුවන් සේවයට

දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව (for Best Food & Beverage and Best Seat Comfort) සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගියදා පිදුම් ලැබුවා.

ඒ සිංගප්පූරුවේ පැවති 2023 APEX Passenger Choice Awards® සම්මාන උළෙලේ දීයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය 2023 APEX නිල ගුවන් සේවා ශ්‍රේණිගත කිරීම් හි තරු හතරේ ප්‍රධාන ගුවන් සේවයක් ලෙස අඛණ්ඩව පස්වන වසරටත් එහි ප්‍රමිතිය පවත්වාගෙන යාමට සමත් වීමත් විශේෂත්වයක්.

ශ්‍රී ලංකන් ගුවන් සේවය ආසියා පැසිෆික් කලාපයේ සිය සේවාවන් වෙනුවෙන් මේ දක්වා APEX Passenger Choice Awards® සම්මාන 12 ක් දිනා ඇති අතර, 2018 වසරේ සිට අඛණ්ඩව ජයග්‍රාහකයින්ගේ ලැයිස්තුවේ නියතව සිටියි.

Related posts

Leave a Comment