මෙවර ලෝක කුසලානය එංගලන්තයට

T20 ලෝක කුසලාන අවසාන මහා තරගාවලියේ කාසිය වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට පකිස්ථාන කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 20ක් අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 137ක් රැස්කර ගැනීමට සමත්වුණා. පිළිතුරු ඉනිම පන්දුවට පහරදෙන එංගලන්ත කණ්ඩායම තරගය ජය ගැනීම සඳහා ලකුණු 138ක් ලබා ගත යුතුව තිබුණා. ඒ අනුව එංගලන්ත කණ්ඩායම පන්දුවාර 19 අවසානයේ කඩුලු 5 දැවී ලකුණු 138 ලබා ගනිමින් ලෝක ශූරයින් බවට පත්වුණා.

රැකියා ලබා දෙන බවට වංචා කළ අඹු සැමි යුවලක් අත්අඩංගුවට

තලංගම ප්‍රදේශයේදී විදුලි බල මණ්ඩලයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ අඹුසැමි යුවලක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ, අවුරුදු 27 සහ 33 යන වයස්වල පසුවන තලංගම දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඔවුන් ඊයේ (12) දිනයේ දී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ඉන්දීය මුහුදු සීමාවට ඇතුළු වූ බව පවසමින් ශ්‍රී ලාංකික ධීවරයින් 11 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටි ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ නිලධාරීන් ධීවර යාත්‍රා 2ක සිටි මෙම ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. ඉන්දියාවේ ශ්‍රීකාකුලම් දිස්ත්‍රික්කයේ කාලිංගපට්නම් සිට නාවික සැතපුම් 175ක් පමණ දුරින් ඉන්දීය සමුද්‍ර කලාපයේ මෙම ධීවරයින් පිරිස මසුන් ඇල්ලීමේ නිරතව සිට ඇති බව සඳහන් වනවා. අත්අඩංගුවට ගත් ධීවරයින් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කාකිනද පොලිස් ස්ථානය වෙත ඊයේ (12) දිනයේ භාරදී තිබෙනවා. ඔවුන් නිදහස්…

එංගලන්තයට ලකුණු 138ක ඉලක්කයක්

මෙවර T 20 අවසන් මහා තරගයේ එංගලන්තය සහ පකිස්ථානය අතර පැවති තරගයේදී එංගලන්තයට ලකුණු 138ක ඉලක්කයක් ලැබී තිබෙනවා. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී මෙම ලකුණු 137 රැස් කිරීමට කටයුතු කළා.

අවසන් මහා තරගයේදී එංගලන්තය කළුපටි පලඳියි

පන්දුවාර 20යි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් කළු පටියක් පැලඳගෙන සහභාගි වීමට තීරණය කර තිබෙනවා. එංගලන්ත ක්‍රිකට් ඉතිහාසයේ ගෝඩ් ෆාදර් ලෙස හඳුන්වන David English ගේ මිය යාම හේතුවෙන් ඔහුට ගෞරවය පුද කිරීම සඳහා එංගලන්ත ක්‍රීඩකයින් මෙලෙස කළුපටි පැලඳ සිටින බවයි වාර්තා වන්නේ. David Stuart English ඊයේ (12)මිය ගොස් ඇත්තේ හෘදයාබදයක් හේතුවෙන් වන අතර මියයන විට ඔහු 76 වන වියේ පසුවුණා.

එජාපයෙන් විශේෂ නිවෙිදනයක්

රජයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් කොළඹ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට ඉකුත් සිකුරාදා (11) පැවැති විරෝධතාවයට එක්සත් ජාතික පක්ෂ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී ශෂී හෙට්ටිආරච්චි මෙ‍නවිය සභභාගී වීම පිළිබඳව පක්ෂයේ කිසිදු සම්බන්ධතාවයක් නැති බව අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ඇය විරෝධතාවයට සහභාග වීම ගැන එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතාගෙන් හෝ පක්ෂයෙන් කිසිදු විමසීමක් නොකර බව එහි සඳහන්. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාරණය කිසියම් දේශපාලන පක්ෂයකට හෝ කිසියම් පුද්ගලයෙකුට අයිති කාරණයක් නොවේ යැයිද එය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය කරනු ලබන කටයුත්තක් වන අතර මුදල් අමාත්‍යාංශය…

Page 1 of 5
1 2 3 5