හැනෝයි ජාත්‍යන්තර සිනමා උළෙලේදී එකවර හොඳම නළුවන් 7 දෙනෙකුට සම්මාන

හැනෝයි ජාත්‍යන්තර සිනමා උළෙලේදී අරුණ ජයවර්ධනගේ මාරියා චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ශ්‍රී ලාංකික රංගන ශිල්පීන් 7 දෙනෙකු හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

වියට්නාමයේ පැවති හැනෝයි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 6 වැනි වරටයි.

සම්මානයට පාත්‍රවූවන් අතර පසුගියදා අභාවප්‍රාප්ත වූ රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් මහතා ද වන බව සඳහන්.

හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ සෙසු රංගන ශිල්පීන් වන්නේ හේමාල් රණසිංහ, මහේන්ද්‍ර පෙරේරා, දසුන් පතිරණ, ප්‍රියන්තසිරි කුමාර, අශාන් ඩයස් සහ සුරන් දසනායක යන මහත්වරුන් බවයි වාර්තා වන්නේ.

Related posts

Leave a Comment