සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම කඩිනමින් ක්‍රියාවට

සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම කඩිනමින් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබෙනවා. අද පෙරවරුවේ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ඉතා කෙටි කලක් තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසටයි. ඒ සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර එම සියලු ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

ඉදිකිරීම් ක්ෂේත්‍රය ගැන මහබැංකු අධිපතිගෙන් අනාවැකියක්

මේ වන විට කඩා වැටී ඇති ඉදිකිරීම් කේෂත්‍රය ලබන වසරේදි යම් ස්ථාවරත්වයකට පත් විය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මෙරට ඉදිකිරීමේ කෂේත්‍රයේ පිරිවැය ඉතා ඉහළ ගොස් ඇති හෙයින් පෞද්ගලික අංශයේ ඉදිකිරීම් ක්ෂෙත්‍රය මේ වනවිට සංවර්ධනය නොවන බව මහ බැංකු අධිපතිවරයා කියා සිටියා. නිවාස වල මිල ඉහළ ගොස් ඇති හෙයින් ආදායම් ලබන්නන්ට පවා නිවාස මිලදී ගැනීමට තව කාලයක් බලා සිටීමට සිදුව ඇතැයි ද හෙතෙම සඳහන් කළා.

මන්නාරම රදගුරු තුමා ජනපති හමුවෙයි

ෆිඩෙල්ස් ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු මන්නාරම රදගුරු තුමා ඇතුළු පූජකතුමන්ලා පිරිසක් අද (16) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූණා. ඒ ජනාධිපති කාර්යාලයේ දී මන්නාරම ප්‍රදේශයේ ඉඩම් ගැටලු ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා දැණුවත් කෙරුණු අතර ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්නා බව සඳහන් කළා. මඩු වන්දනාවේ පැමිණෙන බැතිතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳව ද මෙහිදී විශේෂ ලෙස සාකච්ඡාවට ලක් ව තිබෙනවා.

අකුණු සැර වැදී දෙදෙනෙකු මරුට

නවගත්තේගම, කිරිමැටියාව ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටියදී අකුණු සැර වැදී බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. එසේ මියගොස් ඇත්තේ, නවගත්තේගම, කිරිමැටියාව ප්‍රදේශයේම පදිංචි ජේ. එම්. සුමිත්‍රා අතපත්තු නමැති 38 හැවිරිදි කාන්තාවක්. නවගත්තේගම පොලිස් වසමේ කිරිමැටියාව ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකුට පසුගිය 13වනදා අකුණු සැර වැදී තිබුණා. ඉන් එක් පුද්ගලයෙකු ගල්ගමුව රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එසේ ජීවිත්කෂයට පත්වී තිබුණේ මෙම කාන්තාවගේ ස්වාමිපුරුෂයා වන වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හලාවත ඒකකයේ සේවය කළ කිරිමාටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි ඩබ්. එම් සුජිත් කුමාර නමැති එක්දරු පියෙකි.…

පාසල් උපකරණ 300% ඉහළ ගොස් ඇති බවට චෝදනා

පාසල් උපකරණ, අභ්‍යාස පොත් ඇතුළු ද්‍රව්‍යය සියයට 300කින් ඉහළ ගොස් ඇතැයි මවුපියන් චෝදනා කරනවා. මේ හේතුවෙන් ලබන වසර සඳහා පාසල් අභ්‍යාස පොත් ඇතුළු ද්‍රව්‍ය මිලදී ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයි ද ඔවුහු පවසනවා. රුපියල් 10 ක්ව පැවති පැන්සලක් රුපියල් 40 කටත්, පෑනක් රුපියල් තිහකටත්, රුපියල් පනස් පහක පැවති අභ්‍යාස පොතක් රුපියල් එකසිය විස්සේ සිටත් අලවි වන බවත් ඔවුන් කියා සිටියා.

නාසා අධිබල රොකොට්ටුව අභ්‍යාවකාශයට

සඳ මතට මිනිසුන් රැගෙන යන රොකට්ටුවේ සහ අභ්‍යවකාශ යානයේ පළමු ඒකාබද්ධ පරීක්ෂණ ගමන මීට ටික වේලාවකට පෙර ආරම්භ කළා. ඇමරිකානු අභ්‍යවකාශ වැඩසටහන යටතේ මේ පරීක්ෂණ ගමන සිදුකරන්නේ නාසා ආයතනයයි.

Page 1 of 5
1 2 3 5