පෝලන්තයට මිසයිල ප්‍රහාරයක්

පෝලන්තයට මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ, රුසියානු නිෂ්පාදිත මිසයිලයක් එලෙස එල්ල වී ඇතැයි යුක්‍රේනය චෝදනා කරන බවයි.

එල්ල වූ මිසයිල ප්‍රහාරයෙන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ක්ෂණික සවිස්තරාත්මක පැහැදිලි කිරීම් සඳහා පෝලන්තයේ රුසියානු තානාපතිවරයා කැඳවා ඇති බව පෝලන්තයේ විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කළා.

සිය මිසයිලයක් පෝලන්තයට පතිත වූ බවට රුසියාව කරන චෝදනා යුක්‍රේනය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

යුක්‍රේනය පවසන්නේ, එය රුසියානු ක්‍රමන්ත්‍රණයක් බවයි.

Related posts

Leave a Comment