වැඩි මිලට විකිණීමට ගිය ඩීසල් තොගයක් පොලිස් භාරයට

ඩීසල් තොගය ලීටරයක විකුණුම් මිලට වඩා රුපියල් 30 ක් වැඩි මිලට අලෙවි කිරමට ගෙන් යාමේදී අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා ව්‍යාජ බලපත්‍රයක් සකසා පෞද්ගලික කර්මාන්ත ශාලාවකට රැගෙන යමින් තිබූ ඩීසල් ලීටර් 13,200 ක් රැගත් බව්සරය රියදුරු සහ සහයකය සමඟ පොලිස් භාරයට ගනු ලැබුවා. පොලිසියට ලද තොරතුරකට අනුව අලුයම පරගස්තොට ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ.

එළවළු බීජ මිල ඉහළට

එළවළු සහ පලතුරු බීජ කිලෝවක මිල ඉහළ දැමීම් නිසා එළවළු වගාවෙන් ගොවියන් ඉවත් වීමේ අවදානමක පවතින බව බීජ අලෙවි කරන්නෝ සහ ගොවි සංවිධාන චෝදන කරනවා. දිවයිනේ එළවළු බීජ සහ පලතුරු බීජ වැඩි වශයෙන් අලෙවි වෙන දඹුල්ල නගරයේ බීජ අලෙවිසොල් හිමිකරුවන් කියා සිටියේ පසුගිය වසරට වඩා මේ වන විට සෑම බීජයක්ම කිලෝවක් සීයට 1500 ටත් වඩා ඉහළ අගයකින් අලෙවි කරන බවයි.

මේ වසර අවසානයේ ඩොලර් බිලියන 3ක අදායමක් ගැන රමේෂ් පතිරණ කියයි

මේ වසර අවසන් වන විට ඩොලර් බිලියන 3ක් හෝ 4ක ආදායමක් විදේශ ප්‍රේෂණ වලින් ලැබෙනු ඇතැයි වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා. ඒ අනුව රටේ ජනතාවට නැවත නැගී සිටින්නට අවස්ථාව තිබෙනු ඇති බවටද අමාත්‍යවරයා එහිදී කියා සිටියා. පැවති තත්ත්වයන් යහපත් වෙමින් පවතින බව මහ බැංකු අධිපතිවරයාට පවසා තිබෙන බවද ඔහු සඳහන් කළා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ශෙහාන් සේමසිංහ කියයි

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. විදේශීය ද්විපාර්ශවික සහ වාණිජ ණයහිමියන් සමඟ ණය ප්‍රතිව්‍යහුගත කිරීමට අදාළව පමණක් ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළා. රාජ්‍ය බැංකු සහ දේශීය මූල්‍ය ක්ෂේත්‍රයට අහිතකර බලපෑමක් එල්ල විය හැකි බැවින් දේශිය ණය ක්ෂේත්‍රය ප්‍රතිව්‍යහගත කිරීමට රජය අවධානය යොමු කර නොමැති බව ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ණය ගැන සාකච්ඡාවකට චීනයෙන් මෙරටට

ශ්‍රී ලංකාව මුහුණදී ඇති ණය ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා චීන සංවර්ධන බැංකුවේ දූත පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා. ඔවුන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා හමුවී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවට වාර්තා වනවා. චීන සංවර්ධන බැංකුව සැලකෙන්නේ ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ප්‍රධාන මූල්‍ය පහසුකම් සපයන්නෙකු ලෙසයි.

Page 1 of 5
1 2 3 5