IPL වලින් සමුගත් පොලාර්ඩ්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු නායක කීරන් පොලාර්ඩ් එළඹෙන IPL තරගාවලිය සඳහා තෝරාගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

මේ හේතුවෙන් ඔහු IPL ක්‍රිකට් තරග වලින් සමුගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා.  සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ‘පිතිකරණ පුහුණුකරු’ ලෙස තමා එම කණ්ඩායම සමග එක්වන බවයි.  

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ඔහු වසර 13ක් රැඳී සිටියා.

Related posts

Leave a Comment