“මුව ආවරණ පළඳින” සෞඛ්‍ය අංශයෙන් ඉල්ලීමක්

චක්‍රලේඛයක් මඟින් නියම කර නොමැති වුවද මුව ආවරණ පළඳින ලෙස කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.  ඒ මේ දිනවල ව්‍යාප්ත වන වෛරස් රෝගී තත්ත්වවලින් ආරක්ෂාවීම සඳහායි.   ඒ අනුව මුව ආවරණ පැළඳීම තුළින් වෛරස් රෝග ආසාදනය වීම වළක්වාගත හැකි බවයි ඔහු සඳහන් කළේ.   විශේෂයෙන්ම වෛරස් රෝගී ලක්ෂණ ඇති පිරිස් කිවිසුම් යවන විට සහ කසින විට මුව නිසි පරිදි ආවරණය කරන ලෙසත් අනෙකුත් පිරිස්ද හැකි සෑම අවස්ථාවකම මෙය අනුගමනය කරන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ.   මේ අතර මේ දිනවල ස්වසන රෝග සහ වෛරස් රෝග වල යම් ඉහළ යාමක්…

චීනයේ කොවිඩ් වැඩි වීමක්

චීනයේ බිජිං අගනුවරින් දිනෙන් දින වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ ගණන ඉහළ යන බව එරට මාධ්‍ය වාර්තා කරනවා. මේ හේතුවෙන් නගර වැසියන්ට නිවෙස් වලට වී සිටින ලෙස එරට රජය නිවේදනය කර ඇති බවයි වාර්තා වන්නේ.   එමෙන්ම රට තුළ පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි කිරීමට ද එරට රජය තීරණය කර තිබෙනවා.   එක් දිනක් තුළ වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් ගණන 28,000 කට අධික වන අතර දෛනිකව සිදුකරන කොවිඩ් පරීක්ෂණ ගණන ඉහළ දැමීමට ද එරට රජය කටයුතු කර තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.   මෙලෙස දෛනිකව වාර්තාවන කොවිඩ් රෝගීන් ගණන, එරට තුළ අප්‍රේල්…

ගුරු ඇඳුම් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවයි

පාසල් ගුරුවරියන් සාරිය හෝ ඔසරිය නොවන වෙනත් ඇඳුමකින් සැරසී පාසලට පැමිණි බවට වාර්තා වූ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් කැඳවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.   එසේම ගුරු වෘත්තියේ ගෞරවය ආරක්ෂා කර ගැනීම සඳහා දශක ගණනාවක් අනුගමනය කළ ක්‍රියාදාමයෙන් ගුරුවරුන් ඉවත් වීමට තීරණය කළේ ඇයි දැයි සොයා බලන බවයි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේ.   මේ සම්බන්ධයෙන් කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට සහ ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උපදෙස් ලබා දී තිබෙනවා.   විශේෂයෙන්ම සිසුන් ඉදිරියේ ගුරු භූමිකාවේ ගෞරවය ආරක්‍ෂා කිරීමට සෑම ගුරුවරයෙකුටම වගකීමක් තිබෙන බවත් ඔවුන් සඳහන් කරනවා.   මේ…

සතොස භාණ්ඩ කිහිපයක පහළ දමයි

සතොස භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබෙනවා. මෙම මිල ගණන් හෙට (24) සිට ක්‍රියාත්මක බවයි ලංකා සතොස නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.  ඒ අනුව මිල අඩු කළ භාණ්ඩ ලැයිස්තුව පහත පරිදි වනවා. සුදු සීනි 1kg – රුපියල් 229 ,පාන්පිටි 1kg – රුපියල් 265, සුදු ළුෑණු 1kg – රුපියල් 495, බී ලූණු 1kg – රුපියල් 255 වන පරිදියි.

භූමිතෙල් බෙදීමේ ප්‍රමාදය අවසන් කිරීමට පියවර

භූමිතෙල් බෙදා හැරීමේ දී පවතින ප්‍රමාදය ඉදිරි දින දෙක තුළ සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට රජය විසින් පියවර ගෙන තිබෙනවා.  මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රජා කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරාල් කීර්ති තෙන්නකෝන් මහතා පවසන්නේ ධීවර ප්‍රජාවගේ ඉන්ධන අවශ්‍යතාවය වෙනුවෙන් අද (23) දිනය තුළ භුමිතෙල් බවුසර් 74 ක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙන බවයි. එමෙන්ම පෞද්ගලික අංශයේ පිරවුම්හල් 49 ක්, සමූපකාර පිරවුම්හල 18 ක් සහ වෙනත් පිරවුම්හල් 07 කින් ද ඔවුන් වෙත අඛණ්ඩව භුමිතෙල් බෙදාහැරීම සිදු කරන බව වාර්තා වනවා.  තෙල් බෙදාහැරීම සිදු කරන බවයි.  

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන ඉඟියක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2021 වසර විභාගයේ ප්‍රතිඵල මෙම මස 30 වැනිදාට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පවසනවා. මේ වන විට ප්‍රතිඵල ලබාදීම අවසන් අදියරේ පවතින බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ. මෙවර විභාගය සඳහා සිසුන් 517,496ක් පෙනී සිටියා.

Page 1 of 3
1 2 3