භානුකගෙන් විශේෂ ඉල්ලීමක්

ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව තරග ශ්‍රී ලංකා සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව තිබෙනවා.   මේ අතර ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන එක්දින තරගාවලියට නම්කළ ශ්‍රී ලංකා සංචිතයෙන් තමාව නිදහස් කරන ලෙස භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.   කෙසේ වෙතත් ඒ සඳහා ක්‍රිකට් ආයතනයේ ප්‍රතිචාරය තවමත් නිල වශයෙන් නිවේදනය කර නැහැ.   තමන්ට එක්දින තරගාවල විවේකයක් අවශ්‍ය බව පවසමින් භානුක රාජපක්ෂ මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ. 

භාණ්ඩ කිහිපයක ආනයන තහනම ලිහිල් කරයි

2022 නොවැම්බර් 23 දින සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ කිහිපයක ආනයන තහනම ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ආනයනය කරන ලද භාණ්ඩ අතර ශීතකරණ, වායු සමීකරණ, රෙදි සෝදන යන්ත්‍ර සහ තිරිංග පෑඩ් ඇතුළත්.   මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් පත්‍රයට අත්සන් තබා තිබෙනවා.   ගැසට් පත්‍රයට අනුව, තෝරාගත් HS කේත මගින් වර්ගීකරණය කරන ලද භාණ්ඩ ආනයනය කිරීමට ආනයන අපනයන පාලක ජනරාල්වරයාගේ පූර්ව අනුමැතියට යටත්ව අවසර දෙන බවයි දැක්වෙන්නේ.

වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ නිර්දේශ අනුමතයි

රජයේ සේවකයින් වයස අවුරුදු 60න් විශ්‍රාම ගැන්වීම යටතේ වෛද්‍යවරුන් ද විශ්‍රාම ගැන්වීම සඳහා වූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. විශේෂඥ වෛද්‍ය නිලධාරින්, රජයේ වෛද්‍ය නිලධාරීන්, දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරින් සහ රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ට පමණක් අදාළ වන පරිදිල මෙම නිර්දේශ ක්‍රියාත්මකයි. ඒ අනුව දැනටමත් වයස අවුරුදු 63 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් එළැඹෙන දෙසැම්බර් 31 දිනට ප්‍රථම විශ්‍රාම ගැන්වේ. මේ වන විට වයස අවුරුදු 62 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 63 සම්පූර්ණ වීමේ දී විශ්‍රාම ගැන්වෙන බව සඳහන්. එමෙන්ම මේ වන විට වයස අවුරුදු 61 සම්පූර්ණ…

ඉන්ෆ්ලුවෙන්සා හා සමාන වෛරස් රෝගයක්

ඉන්ෆ්ලුවෙන්සා හා සමාන රෝග ලක්ෂණ සහිත වෛරස් රෝගයක් මේ දිනවල දිවයින පුරා පැතිරයන බව සෞඛ්‍ය අංශ පවසනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, කොවිඩ් රෝගය හා සැසදීමේ දී මෙම රෝගයෙන් සංකූලතා ඇති වීම සාපේක්ෂව අවම බවයි. සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උණ වැනි රෝග ලක්ෂණ සහිත මෙම රෝගය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට බෝවීමේ අවදානමක් ද පවතින බැවින් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළා.

රජු විසින් තේරූ මැලේසියාවේ නව අග්‍රාමාත්‍යවරයා

මැලේසියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස අන්වර් ඉබ්‍රාහිම් පත් කර තිබෙනවා. පසුගිය සතියේ පැවැත්වුණු මහ මැතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම සරල බහුතරය දිනා ගැනීමට අසමත් වීම හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා පත් කිරීමේ වගකීම පැවරුනේ මැලේසියානු රජු වන සුල්තාන් අබ්දුල්ලා වෙතයි. ඒ අනුව මැලේසියානු රජු අපේක්ෂකයන් වූ, හිටපු අගමැති මුහයිද්දීන් යසීන් සහ හිටපු විපක්ෂ නායක අන්වර් ඉබ්‍රාහිම් අතුරින්, අන්වර් ඉබ්‍රාහිම් නව අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කර තිබෙනවා. ඔහු අද(24) මැලේසියාවේ නව අගමැතිවරයා ලෙස දිවූරුම් දීමට නියමිතයි.

සීමා නිරණ කොමිසමේ යෝජනා සඳහා ලබා දී තිබූ කාලය දීර්ඝ කරයි

පළාත් පාලන ආයතනවල කොට්ඨාස සීමා නිර්ණය සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය දීර්ඝ කර තිබෙනවා.  විවිධ පාර්ශවයන් විසින් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ සභාපති සහ ජාතික මැතිවරණ කොමිසමේ හිටපු කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ.   ඒ අනුව එම කාලය දෙසැම්බර් 5 වැනිදා දක්වා දීර්ඝ කළ බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවා.

Page 1 of 5
1 2 3 5