“අයියෝ සාමි” භාරතයට යන ලකුණු

වින්ඩි ගුණතිලක විසින් ගායනු කරනු ලැබූ ‘අයියෝ සාමි’ ගීතය මේ වනවිට ඉන්දියාවේ ජනප්‍රියතම ගීතයක් බවට පත්වෙන ලකුණු පහළ කර තිබෙනවා.

ඒ එය දමිල ගීතයක් වුවද කිසිදු භේදයකින් තොරව සියලුදෙනාම ආදරයෙන් වැළඳගැනීම හේතුවෙන්.

මෙම ගීතය මේ වනවිට තමිල්නාඩුවේ අවන්හල්වල පවා වාදනය කරනු ලබන ගීතයක් බවට පත්ව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

මෙම ගීතයේ සංගීත නිර්මාණය සනුක වික්‍රමසිංහගේ වන අතර පදරචනය කර ඇත්තේ පොතුවිල් අස්මින් විසින්.

මේ ගීතය මේ වනවිට YouTube හි මිලියන 05 නැතහොත් ලක්ෂ 50කට අධික පිරිසක් නරඹා තිබෙනවා.

ප්‍රවීණ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලකගේ සහ ගායන ශිල්පිනී චන්ද්‍රලේඛා ගුණතිලකගේ බාල දියණිය ඇයයි.

Related posts

Leave a Comment