ඉන්දුනීසියාවේ ඇතිවූ භූ කම්පනයේ සුන්බුන් අතර සිරවී සිටි දරුවෙකු බේරා ගනී

ඉන්දුනීසියාවේ ඇතිවූ ප්‍රබල භූ කම්පනයත් සමඟ කඩාවැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරවී සිටි දරුවෙකු නිරුපද්‍රිතව බේරාගෙන තිබෙනවා.

දින දෙකක් සුන්බුන් අතර මෙම දරුවා සිට ඇති බවටයි වාර්තා වන්නේ.

සුන්බුන් අතර සිරවීමෙන් එම දරුවාගේ මව මියගොස් ඇති අතර ඇයගේ සිරුර ආසන්නයේ නිරුපද්‍රිතව සිටි දරුවා සහන සේවකයින්ට නිරීක්ෂණය වී තිබුණා.

සුන්බුන් අතර සිරව ආහාර හෝ ජලය නොමැතිව දින දෙකක කාලයක් රැඳී සිටි 5හැවිරිදි දරුවාට මේ වනවිට හදිසි ප්‍රතිකාර ලබාදෙමින් සිටින බව වාර්තා වනවා.

Related posts

Leave a Comment