ඉන්ෆ්ලුවෙන්සා හා සමාන වෛරස් රෝගයක්

ඉන්ෆ්ලුවෙන්සා හා සමාන රෝග ලක්ෂණ සහිත වෛරස් රෝගයක් මේ දිනවල දිවයින පුරා පැතිරයන බව සෞඛ්‍ය අංශ පවසනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, කොවිඩ් රෝගය හා සැසදීමේ දී මෙම රෝගයෙන් සංකූලතා ඇති වීම සාපේක්ෂව අවම බවයි.

සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උණ වැනි රෝග ලක්ෂණ සහිත මෙම රෝගය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට බෝවීමේ අවදානමක් ද පවතින බැවින් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළා.

Related posts

Leave a Comment