රොනාල්ඩෝට එරෙහිව තරග තහනමක්

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට එරෙහිව දේශීය පාපන්දු තරග 2ක තහනමක් පැනවීමක් වාර්තා වෙනවා.

දේශීය තරගයක් අතරතුරදී පාපන්දු ප්‍රේක්ෂකයෙකුගේ ජංගම දුරකතනයට පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියේ පැවැත්වෙන තරගවලට මෙම දේශීය තරග තහනම හරහා බාධාවක් එල්ල නොවන බවත් වාර්තා වනවා.

මීට පෙර අවස්ථා රැසකදීද රෝනාල්ඩෝට එරෙහිව පාපන්දු සම්මේලනයෙන් දඬුවම් නියම කර තිබෙනවා.

Related posts

Leave a Comment