ලක්ෂ 25ක මාසික වැටුපක් මහ බැංකු අධිපතිට?

වත්මන් මහ බැංකු අධිපතිවරයා රුපියල් ලක්ෂ 25 ක මාසික වැටුපක් ලබා ගන්නා බවත්, ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ද විශ්‍රාම වැටුපක් ලබා ගන්නා බවටත් පසුගිය කාලයේ දී දේශපාලඥයින් කිහිප දෙනෙකුම අවස්ථා කිහිපයකදී සඳහන් කර තිබුණා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (24) පැවති මාධ්‍ය හමුවක දී මේ සියලු චෝදනා අසත්‍ය ඒවා බවයි තරයේ කියා සිටියේ.

මහ බැංකුවේ විශ්‍රාම ගිය නිලධාරියෙක් විදියට අවුරුදු 29 ක් සේවය කර ලැබෙන විශ්‍රාම වැටුප ඔහුට ලැබෙන බව සඳහන් කළා.

මහ බැංකු අධිපති ලෙස පත්වීමෙන් අනතුරුව මෙතෙක් කල් සිටි සෑම අධිපතිවරයාටම ලැබුණ වැටුප, වාහනයක්, නිවසක් ලැබෙන බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර මහ බැංකු අධිපති වශයෙන් ලැබෙන වැටුප මසකට ලක්ෂ 4 ක් බවයි ඔහු සඳහන් කළේ.

Related posts

Leave a Comment