“අයියෝ සාමි” භාරතයට යන ලකුණු

වින්ඩි ගුණතිලක විසින් ගායනු කරනු ලැබූ ‘අයියෝ සාමි’ ගීතය මේ වනවිට ඉන්දියාවේ ජනප්‍රියතම ගීතයක් බවට පත්වෙන ලකුණු පහළ කර තිබෙනවා. ඒ එය දමිල ගීතයක් වුවද කිසිදු භේදයකින් තොරව සියලුදෙනාම ආදරයෙන් වැළඳගැනීම හේතුවෙන්. මෙම ගීතය මේ වනවිට තමිල්නාඩුවේ අවන්හල්වල පවා වාදනය කරනු ලබන ගීතයක් බවට පත්ව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. මෙම ගීතයේ සංගීත නිර්මාණය සනුක වික්‍රමසිංහගේ වන අතර පදරචනය කර ඇත්තේ පොතුවිල් අස්මින් විසින්. මේ ගීතය මේ වනවිට YouTube හි මිලියන 05 නැතහොත් ලක්ෂ 50කට අධික පිරිසක් නරඹා තිබෙනවා. ප්‍රවීණ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලකගේ සහ ගායන ශිල්පිනී චන්ද්‍රලේඛා ගුණතිලකගේ…

ලක්ෂ 25ක මාසික වැටුපක් මහ බැංකු අධිපතිට?

වත්මන් මහ බැංකු අධිපතිවරයා රුපියල් ලක්ෂ 25 ක මාසික වැටුපක් ලබා ගන්නා බවත්, ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ද විශ්‍රාම වැටුපක් ලබා ගන්නා බවටත් පසුගිය කාලයේ දී දේශපාලඥයින් කිහිප දෙනෙකුම අවස්ථා කිහිපයකදී සඳහන් කර තිබුණා. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (24) පැවති මාධ්‍ය හමුවක දී මේ සියලු චෝදනා අසත්‍ය ඒවා බවයි තරයේ කියා සිටියේ. මහ බැංකුවේ විශ්‍රාම ගිය නිලධාරියෙක් විදියට අවුරුදු 29 ක් සේවය කර ලැබෙන විශ්‍රාම වැටුප ඔහුට ලැබෙන බව සඳහන් කළා. මහ බැංකු අධිපති ලෙස පත්වීමෙන් අනතුරුව මෙතෙක්…

වර්තමානයේ මුදල් අච්චු ගැසීම ගැන මහබැංකු අධිපති කියයි

මෙරට මහ බැංකුව විසින් පසුගිය වසරට සාපේක්ෂව මුදල් අච්චු ගැසීම මෙම වසරේදී විශාල වශයෙන් අඩු කර ඇති බව මහ බැංකු අධිපතිවරයා පවසනවා. පසුගිය වසර තුළදී රුපියල් බිලියන 341ක් අච්චු ගසා ඇති අතර 2022 වසරේ ජනවාරි – ඔක්තෝබර් කාලයේදී අච්චු ගසා ඇත්තේ රුපියල් බිලියන 47ක් බව සඳහන්. මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව පැවසුවේ මුදල් මණ්ඩලයේ ප්‍රතිපත්ති පිළිබඳ තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.

රොනාල්ඩෝට එරෙහිව තරග තහනමක්

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට එරෙහිව දේශීය පාපන්දු තරග 2ක තහනමක් පැනවීමක් වාර්තා වෙනවා. දේශීය තරගයක් අතරතුරදී පාපන්දු ප්‍රේක්ෂකයෙකුගේ ජංගම දුරකතනයට පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියේ පැවැත්වෙන තරගවලට මෙම දේශීය තරග තහනම හරහා බාධාවක් එල්ල නොවන බවත් වාර්තා වනවා. මීට පෙර අවස්ථා රැසකදීද රෝනාල්ඩෝට එරෙහිව පාපන්දු සම්මේලනයෙන් දඬුවම් නියම කර තිබෙනවා.

අද”ඉන්දියන් ඕෂන් රීම්” සමුළුව බංගලාදේශයේදී

අද (24) බංග්ලාදේශයේදී ඉන්දියානු සාගරයට මායිම් වූ රට වල සංවිධානයේ අමාත්‍ය මණ්ඩල හමුව පැවැත්වීමට නියමිතයි. ඉන්දියන් ඕෂන් රීම් ලෙස හැඳින්වෙන මෙම සංවිධානයට ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ රටවල් 23 ක් ඇතුළත්. මෙවර සමුළුවේ සත්කාරකත්වය දරන්නේ බංගලාදේශයයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඇතුළු දූත පිරිසක් ඊයේ (23) දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. අමාත්‍යවරයා සාමාජික රටවල නියෝජිතයින් සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි. සමුළුවේ සභාපතීත්වය 2023 වර්ෂයේදී ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බවට වාර්තා වනවා.

ගුරුවරුන් බඳවා ගන්නා ක්‍රමවේදයේ වෙනසක්

ගුරු වෘත්තීය සඳහා මින් ඉදිරියට බඳවා ගැනීමේ ක්‍රමවේදයේ යම් වෙනසක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට පිළිතුරු දෙමින්. පොදු විභාගයේ ලකුණු සහ ව්‍යූහගත සම්මුඛ සාකච්ඡා මඟින් අදාළ බඳවාගැනීම් සිදුකිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා එහිදී කියා සිටියා. ඒ අනුව ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

Page 2 of 5
1 2 3 4 5