ඇෆ්ගනිස්ථානයට තියුණු ජයක්

ඇෆ්ගනිස්ථාන ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද පැවති එක්දින ක්‍රිකට් තරගයෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තියුණු ජයක් ලබා ගැනීමට සමත් වුණා. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 38ක් තුල සියලු දෙනාම දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 234ක් පමණයි. ඇෆ්ගනිස්ථානය ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් අතර පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 294ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව ලකුණු 60ක තියුණු ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථාන සමත් වනවා. තරගය පැවැත්වුණේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.

නොවැම්බර් ආරම්භයේ සිට මෙරටට පැමිණ ඇති සංචාරකයින් ගැන තොරතුරු

2022 නොවැම්බර් මාසයේ මේ දක්වා කාලය තුළ දී විදෙස් සංචාරකයින් 41,308 ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. මේ අනුව 2022 වසරේ මේ දක්වා කාලය තුළ දී මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 609,566 ක් ලෙසයි වාර්තා වන්නේ.   නොවැම්බර් මාසයේ දී පැමිණ තිබෙන සංචාරකයින් අතරට රුසියානුවන් 10,066 ක් හා ඉන්දියානුවන් 7,021 ක් ඇතුළත් වනවා.

ඇෆ්ගනිස්ථානයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක්

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන පළමු ඒක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.ඒ අනුව එහිදී ඔවුන්ට ලබාගැනීමට හැකි වුණේ කඩුළු 08ක් දැවී, ලකුණු 294 ක් පමණයි. අද තරගය ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 295ක ඉලක්කයක් හිමි ව තිබෙනවා.

මෙරටින් පළමු ඇඹුල් කෙසෙල් තොගය අපනයනයට කටයුතු

ශ්‍රී ලංකාවේ පළමු ඇඹුල් කෙසෙල් තොගය ඩුබායි වෙත අපනයනය කිරීමට හෙට සැලසුම් කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ මෙය ක්‍රියාත්මකයි. ඒ අනුව රාජාංගණය ප්‍රදේශයේ අක්කර 500ක වගා කර තිබෙන ඇඹුල් කෙසෙල් මෙසේ විදේශ වෙළෙඳ පොළට අපනයනය කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.

සුනිල් පෙරේරාගේ අවසන් ගීතය එළිදක්වයි

‘ජිප්සීස්’ කණ්ඩායමේ ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා මහතා විසින් පටිගත කරන ලද අවසන් ගීතය එළිදක්වා තිබෙනවා. වසර 6කට පසු එළිදැක්වූ ගීතය 2021 සැප්තැම්බර් මාසයේදී සුනිල් පෙරේරාගේ අභාවයෙන් පසුව එළිදක්වීම විශේෂත්වයක් වනවා.   ‘ගාලු පාරේ’ නමින් නම් කර ඇති එම ගීතය, සුනිල් පෙරේරා විසින් ඔහුගේ ‘ජිප්සීස්’ කණ්ඩායම සමඟ ගායනා කළ අවසාන ගීතයයි.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කෙරේ

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.  ඒ අනුව එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි.

Page 1 of 4
1 2 3 4