ව්‍යාජ QR ස්ටිකර් ඇලවූ මත්පැන් වෙළෙඳපොළේ ඇති බවට අනාවරණයක්

ව්‍යාජ ආරක්‍ෂිත ස්ටිකර් සහිත මත්පැන් බෝතල් ලක්ෂ ගණනක් මේ වනවිට වෙළෙඳපොළට පැමිණ ඇති බව විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසනවා. 

ඇතැම් මත්පැන් නිෂ්පාදකයින් සහ ඇතැම් ජ්‍යෙෂ්ඨ සුරාබදු නිලධාරීන් වංචනික ආරක්ෂක ස්ටිකර් මුද්‍රණය කිරීමේ ජාවාරම පිටුපස සිටින බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ.  

සාමාන්‍ය තීරු කේතයක් මෙන් නොව සාමාන්‍ය ස්මාට් ජංගම දුරකතනයක් භාවිත කරමින් අදාළ ආරක්ෂක ස්ටිකරය සාමාන්‍ය ජනතාවට කියවිය නොහැකි බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී පතිරණ මහතා පැවසුවා.  

ඒ සඳහා දැනට සුරාබදු දෙපාර්තමේන්තුව සතුව ඇති විශේෂ උපකරණයක් අවශ්‍ය වීම හේතුවෙන් ව්‍යාජ මත්පැන් බෝතලයකින් නියම මත්පැන් බෝතලයක් හඳුනා ගැනීමට සාමාන්‍ය ජනතාවට ක්‍රමයක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.  

මෙම ව්‍යාජ ස්ටිකර් වෙළෙඳ පොළට නිකුත් කිරීමෙන් ව්‍යාජ මත්පැන් බෝතල් හඳුනා ගැනීමට නොහැකි වීම නිසා එය රටේ බදු ආදායමට ද දැඩි බලපෑමක් එල්ල කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

Related posts

Leave a Comment