රජයේ ආයතන විසින් විවිධ උත්සව සඳහා දරනු ලබන වියදම් අත්හිටුවීමට මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
එම අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් ඊට අදාළ චක්‍රලේඛය ද නිකුත් කර ඇති බවට වාර්තා වනවා.
රාජ්‍ය වියදම් දැඩිව පාලනය කිරීමේ අරමුණින් පසුගිය අප්‍රේල් 26 වනදා චක්‍රලේඛයක් මගින් රාජ්‍ය ආයතන මගින් පවත්වන උත්සව, විවෘත කිරීම්, සම්මන්ත්රණ ඇතුළු අත්‍යවශ්‍ය නොවන හා ප්‍රමුඛතා නොවන වියදම් අත්හිටුවමින් ඒවා සඳහා රාජ්‍ය මුදල් භාවිත නොකරන ලෙස නියෝග කර තිබෙනවා.
