ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය දෙවන තරගය අද

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තීරණාත්මක දෙවන එක්දින ක්‍රිකට් තරගය අද(27) මහනුවර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනව.

දෙරට අතර පැවති පළමු තරගය, ඇෆ්ගනිස්ථානය ජය ගත්තා.

ඒ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-0ක් ලෙස ඇෆ්ගනිස්ථානය මේ වනවිට ඉදිරියෙන් සිටී.

Related posts

Leave a Comment