පොලීසියෙන් අන්තර්ජාලය හරහා සිදු වන මුදල් වංචා ගැන අනාවරණයක්

අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීමකට අදාළව සැකකරුවන් 08දෙනෙක් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22ත් 36ත් අතර වයස්වල පසුවන ගාල්ල, වැලිගම, රත්ගම, වාද්දූව හා පට්ටියගෙදර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. පුද්ගලික බැංකුවක ගිණුම් දෙකකට අන්තර්ජාල බැංකු ගනුදෙනු පහසුකම් යටතේ අනවසරයෙන් ඇතුළු වී රුපියල් 13,765,000ක මුදල් වංචා කිරීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයට ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදුකර තිබුණා. ඒ අනුව නොවැම්බර් 26 වනදා වාද්දූව, පිළියන්දල, බණ්ඩාරවෙල හා ගාල්ල යන ප්‍රදේශවලදී මුල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන නිලධාරීන් විසින් මුදල්…

දේශබන්දු අත්අඩංගුවට විරුද්ධව අභියාචනාධිකරණයට පෙත්සමක්

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ රිට් ආඥාවක් නිකුත් කළ ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.  ඒ ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගලයට පහර දීමේ සිද්ධිය අදාළ නඩුකරයේ සැකකරුවකු වශයෙන් නම් කරන ලෙසට ද ඉල්ලමින්.   අරගලයට සහය දැක්වූ නීතිඥවරයෙකු වන රාමලිංගම් රන්ජන් මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

සංචාරකයින් ගැන සුබ ආරංචියක්

2022 අප්‍රේල් මාසයෙන් පසුව ප්‍රථම වතාවට මසක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 50,000 සීමාව පසුකර තිබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා. රටේ සංචාරක කර්මාන්තය යම් ආකාරයක පිබිදීමක් කරා ගමන් කරමින් සිටින බව එයින් පෙන්නුම් කරන බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙනවා. නොවැම්බර් 01 වැනිදා සිට 27 වැනිදා දක්වා කාලය තුළ මෙරටට සංචාරකයන් 51,865 ක් පැමිණ තිබෙනවා. ඉකුත් අප්‍රේල් මස ශ්‍රී ලංකාවට සංචාරකයන් 62,980 ක් පැමිණි අතර ඉන්පසුව 50,000 සීමාව පසුකළ පළමු අවස්ථාව මෙයයි. ඒ අනුව ශ්‍රී ලංකාවට මේ වන විට සංචාරකයන් 62,0123 ක් පැමිණ තිබුණා.

ලංකා ගල් අඟුරු සමාගමෙන් නිවේදනයක්

ගල් අඟුරු ගැනීමේදී විශාල බාධක ප්‍රමාණයක් පැවතියද කෙසේ හෝ නැව් වාර 35ක ප්‍රමාණයක් ගොඩබෑමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව ලංකා ගල් අඟුරු සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. 2022 -23 වාරය සඳහා මේ වන විට නැව් වාර හතරක් දැනටමත් සැපයුම් කටයුතු අවසන් කර ඇති අතර පස්වන නැව් වාරය පුත්තලම නැංගුරම දක්වා යාත්‍රා කරමින් පවතින බවත් එය දෙසැම්බර් 08 වන දින වනවිට පැමිණීමට නියමිතව තිබෙන බවයි එහි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේ. මේ වන විට යවන යාත්‍රාව ද මූලික ගෙවීම් කිරීමෙන් අනතුරුව පැටවීමට අවශ්‍ය කටයුතු කර කරමින් පවතින බවද එහි සඳහන්.

සේලයින් තොග මාසයකට පමණක් ඇති බව අනාවරණයක්

සාමාන්‍ය සේලයින් පවා තිබෙන්නේ මාසයක තොගයක් පමණක් බව සමගි ජන ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා. ඒ අද පාර්ලිමේන්තුවේදී එමෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ 636න් ඖෂධ 185 ක් මේ වන විට ශ්‍රී ලංකාවේ නැති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

නීතිවිරෝධී කිරිපිටි කන්ටේනර් 06ක් කොළඹ වරායට

ආනයන අපනයන රෙගුලාසි උල්ලංඝනය කරමින් සමාගමක් විසින් ආනයනය කරන ලද කිරිපිටි කිලෝග්‍රෑම් 153,375ක් පමණ දින 25කට අධික කාලයක් කොළඹ වරායේ රඳවාගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී අද (29) පැවසුවා. නවසීලන්තයේ සිට මැලේසියාව හරහා කොළඹ වරායට පසුගිය ඔක්තෝබර් මස විසි වෙනිදා එම කිරිපිටි ගෙනවිත් තිබෙන බවයි ඔහු පැවසුවේ. මෙම කිරිපිටි තොගය චොක්ලට් සහ නිමි කිරි තේ සඳහා අමුද්‍රව්‍ය ලෙස ආනයනය කර ඇති අතර අමුද්‍රව්‍ය ලෙස කිරිපිටි ආනයනය කිරීම අත්හිටුවා ඇති බව රේගු විමර්ශනවලින් අනාවරණය වී ඇති බවයි අමාත්‍වරයා ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ. මෙම කිරිපිටි තොගය…

Page 1 of 4
1 2 3 4