විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද (29) අලුයම අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඒ, අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්ගේ ආරාධනයකට අනුවයි.
අමාත්‍යවරයා සමඟ තවත් රාජ්‍ය නිලධාරීන් 3 දෙනෙකු එම සංචාරය සඳහා එක්ව සිටි බව කටුනායක ගුවන්තොටුපොළේ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළා.
දෙසැම්බර් 4 වැනි දා දක්වා අමෙරිකාවේ රැඳී සිටින විදේශ අමාත්‍යවරයා එරට ඉහළ පෙළේ නිලධාරීන් රැසක් හමුවීමට නියමිතයි.
