ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
Twitter පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කරනවා.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව පත්කරන ලද කමිටුව විසින් ඉදිරිපත් කළ නිර්දේශ සඳහා මෙලෙස අනුමැතිය හිමිවූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් එමගින් සඳහන් කර ඇත්තේ.
