මෙරට සිසුවෙකුට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස රැඳී සිටීමට හැකි උපරිම කාල සීමාව නීතියෙන් නියම කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පවසනවා.
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා උපාධි පාඨමාලාවට තේරී පත්වන සිසුන් වෙනත් බොහෝ ක්‍රියාකාරකම්වල නියැලෙමින් අධ්‍යාපන කටයුතු නොසලකා හරිමින් සිටින බවයි ඔහු පැවසුවේ.
විශ්වවිද්‍යාලයේ තුන් අවුරුදු උපාධි පාඨමාලා සිසුන්ට උපරිම අමතර වසර එකහමාරක් දක්වා අධ්‍යයන කටයුතුවල නියැලීමට අවසර දෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
අදහස් විමසීමෙන් අනතුරුව මෙම යෝජනාව රට තුළ නීතියක් බවට පත් කරන බවයි ඔහු කියා සිටියේ.
