සුඛෝපභෝගී මගී නෞකාවක් කොළඹ වරායට

“Mein Schiff 5” නමැති සුඛෝපභෝගී මගී නෞකාව කොළඹ වරායට පැමිණ තිබෙනවා.

ඒ මගීන් 2,030ක් සහ කාර්ය මණ්ඩලය 945ක් සමඟින්. කොළඹ වරායට පැමිණි ‘Mein Schiff 5’ සුඛෝපභෝගී නෞකාවේ මංගල ගමන මෙය බැවින් කපිතාන්වරයා කාර්ය මණ්ඩලය සහ වරාය නිලධාරීන් අතර සමරු ඵලක හුවමාරු කර ගැනීමේ උත්සවාකාර උත්සවයක් ද පැවැත්වීමට නියමිතයි.

‘Mein Schiff 5’ හි විශාලත්වය හේතුවෙන් එය මගී පර්යන්තය වෙනුවට නැගෙනහිර බහාලුම් පර්යන්තයේ නැංගුරම් ලා තිබෙනවා.

සංචාරක නෞකාවක් නැඟෙනහිර බහාලුම් පර්යන්තයේ නැංගුරම් ලා ඇති පළමු අවස්ථාව ද මෙයයි.

යාත්‍රාවේ වැඩි පිරිසක් යුරෝපයෙන් පැමිණි මගීන් බවයි සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටියේ.

“Mein Schiff 5” පැමිණීම පසුගිය වසර තුන තුළ විශාල හානියක් සිදු වූ සංචාරක කර්මාන්තය සඳහා විශාල රුකුලක් වනු ඇති.

Related posts

Leave a Comment