30,31 දිවයින පුරා ඩෙංගු මර්දන වැඩසටහනක්

ලබන 30 වැනිදා සහ 31වැනිදා දිවයින පුරා ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ ප්‍රදේශ රැසක ඩෙංගු මදුරු ඝනත්වය තවදුරටත් ඉහළ අගයක පැවතීම සැළකිල්ලට ගනිමින්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 75,434 ක් හඳුනා ගත් බවයි. එය පෙර වසරට සාපේක්ෂව දෙගුණයකටත් වඩා වැඩිවීමකි. නිවේදනයක් නිකුත් කරමින්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, තම අවට පරිශ්‍රයන් මෙන්ම පොදු ස්ථානවල මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කිරීමෙන් ඩෙංගු මදුරුවන් බෝවීම වළක්වා ගත හැකි බවයි. ජනවාරි 02 වැනිදා පාසල්…

චීනයේ පාලමක්දී වාහන 200ක් ගැටෙයි

චීනයේ හෙනන් ප්‍රාන්තයේ Zhengzhou නම් නගරයේ පිහිටි පාලමක් මත වාහන 200ක් පමණ එකිනෙක ගැටී තිබෙනවා.   අද (28) උදෑසන පැවති දැඩි මීදුම් තත්ත්වය හේතුවෙන් එම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එළඹෙන දෙසැම්බර් 31 රාජ්‍ය සේවකයින් 30,000ක් විශ්‍රාම යයි

එළඹෙන දෙසැම්බර් මස 31 වනදා වනවිට රාජ්‍ය සේවකයින් 30,000කට ආසන්න පිරිසක් විශ්‍රාම යන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. කෙසේ වෙතත් එතරම් සංඛ්‍යාවක් විශ්‍රාම ගියද රාජ්‍ය සේවයෙහි කඩාවැටීමක් කිසිසේත් සිදුනොවන බවද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටිනවා. ඒ අනුව දෙසැම්බර් 31 වනදායින් විශ්‍රාම යන රාජ්‍ය සේවකයින් අතර ආරක්ෂක අංශයේ, සංස්ථාවල, මණ්ඩලවල ආදී සෑම ආයතනයකම සේවක පිරිස් සිටින බවයි වාර්තා වන්නේ. මේ අතර රාජ්‍ය සේවය තුළනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

සුරාබදු දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කරයි

ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී සමන් ජයසිංහ මහතා නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව 2023 වසරේ ජනවාරි මස 02වනදා සිට මෙම නව පත්කිරීම ක්‍රියාත්මක වනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ශ්‍රී ලංකා – ඉන්දීය T20 තරගාවලියේ ඉන්දීය සංචිතය නම් කරයි

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන 20-20 සහ එක්දින ක්‍රිකට් තරගාවලි සඳහා වන ඉන්දීය සංචිත අද (28) ප්‍රකාශයට පත් කර තිබෙනවා. එක්දින ක්‍රිකට් තරගාවලියේ, ඉන්දීය නායකත්වය යළි රෝහිත් ශර්මාට හිමිව ඇති අතර විරාට් කෝලි, සූර්යකුමාර් යාදෙව්, ශ්‍රෙයාස් අයියර් සහ ලෝකේෂ් රාහුල් ඇතුළු ක්‍රීඩකයින් එම සංචිතයට ඇතුළත්. 20-20 සංචිතයේ නායකයා ලෙස පත් කර තිබෙන්නේ තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩ්‍යා වන අතර ඉෂාන් කිෂන්, ශුබ්මන් ගිල්, සංජු සැම්සන්, යුස්වේන්ද්‍ර චහාල් සහ හර්ෂාල් පටෙල්ද එම සංචිතය නියෝජනය කරනවා. ඉන්දියාව සත්කාරකත්වය දරන තරගාවලියේ පළමු 20-20 තරගය ජනවාරි 3 වැනිදා පැවැත්වීමට නියමිතයි.

කුරුලු උණ රෝගයෙන් නයිජර් රාජ්‍යයේ පක්ෂීන් 4,000ක් මිය යයි

කුරුලු උණ රෝගය හේතුවෙන් නයිජර් රාජ්‍යයේ පක්ෂීන් 4,000ක් පමණ මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම කුරුළු ගොවිපොළවල් සිටි අනෙකුත් පක්ෂීන් ද වෛරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීම උදෙසා මරා දැමීමට සිදුවූ බවයි. මේ අතර පසුගිය සතියේ ඉන්දියාවේ කේරල ප්‍රන්තයේ ද කුරුළු උණ හේතුවෙන් පක්ෂීන් 8,000ක් පමණ මරා දමා තිබෙන අතර ප්‍රංශයේද රට පුරා ගොවිපොළව කුරුළු උණ ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

Page 1 of 4
1 2 3 4