මෙරට මිලියන 3.4කට මානුෂීය ආධාර එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන්

ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජාතීන්ගේ මානුෂීය අවශ්‍යතා සහ ප්‍රමුඛතා සැලැස්ම යටතේ අද වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 101.5ක් ලබාගෙන තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලයේ නේවාසික සම්බන්ධීකාරක ඒ බව නිවේදනය කර ඇති බව සඳහන්. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙම අරමුදල්, ශ්‍රී ලංකාවේ වඩාත් අවදානමට ලක්විය හැකි පුද්ගලයින් මිලියන 3.4කට මානුෂීය ආධාර ලබාදීමට කටයුතු කරමින් ඇති බවයි.

ඉදිරි දින දෙකේ විදුලි විසන්ධි වීම ගැන කොමිසම කියයි

හෙට(31) සහ අනිද්දා(01) දෛනික විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. කෙසේ වෙතත් ලබන 02 වැනිදා A සිට W දක්වා කලාපවලට පැය 2යි මිනිත්තු 20ක විදුලිය කප්පාදුවකට අවසර ලබා දී තිබෙනවා. මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ, දිවා කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැය 1යි විනාඩි 20ක් වශයෙන් විදුලි කප්පාදුව සිදු කරන බවයි.

හිරුණිකාට, ආදර්ශාට එන්තරවාසියක්

මාධ්‍ය හමුවකදී තමා සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගෙන් රුපියල් මිලියන 500ක් සහ ආදර්ශ කරන්දන මහත්මියගෙන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හිටපු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ ලිපියක් යවා තිබෙනවා.දින 14ක් ඇතුළත රුපියල් බිලියන 1.5ක මුදලක් අලාභහානි වශයෙන් ගෙවන ලෙස හිරුණිකා සහ ආදර්ශ යන දෙදෙනාටම බලකරමින් නීතිඥ මලින් රාජපක්ෂ මහතා මාර්ගයෙන් මෙම ඉල්ලීම් ලිපිය යවා තිබුණා. සති දෙකක් ඇතුළත මුදල් නොගෙවන්නේ නම් නීතිමය පියවර ගන්නා බවටයි එහි අනතුරු අඟවා ඇත්තේ. මහාචාර්ය ආශු මාරසිංහ මහතා සුනඛයෙකුට ලිංගික අතවර කරන අයුරු දැක්වෙන…

රථවාහන වැරදි සඳහා ක්‍රියාත්මක වන ලකුණු ක්‍රමය ලබන මාර්තු දක්වා කල් යයි

රථවාහන වැරදි සඳහා වැරදි ලකුණු ක්‍රමය ලබන වසරේ මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙනවා.අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. අඩුපාඩු ලකුණු ක්‍රමය ලබන මාසයේ සිට ක්‍රියාත්මක කරන බවයි නිශාන්ත වීරසිංහ මහතා මීට පෙර ප්‍රකාශ කළේ. කෙසේවෙතත් එම තීරණය කල් දමා තිබෙනවා. Demerit ක්‍රමය හඳුන්වා දෙන්නේ රටේ සිදුවන රිය අනතුරු අවම කිරීමේ අරමුණින්. මෙම ක්‍රමය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වනවා. යෝජිත ක්‍රමයට අනුව රථවාහන වැරදි 32ක් සඳහා දෝෂ ලකුණු ප්‍රදානය කෙරෙනු ඇති. රියදුරෙකුට දෝෂ සහිත ලකුණු…

අවුන් සාන් සුකීට තවත් වසර 07 ක සිර දඬුවමක් නියම කරයි

මියන්මාරයේ හිටපු අගමැතිනී අවුන් සාන් සුකීට එරට හමුදා අධිකරණය තවත් වසර 07 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ඒ අනුව විවිධ අපරාධ 19 කට අවුන් සාන් සුකී වරදකාරිය බව තීරණය කරමින් එරට හමුදා අධිකරණය සම්පූර්ණ වසර 33 ක සිර දඬුවමක් ඇයට ලබා දී තිබෙන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. මාස 18 ක කාලයක් අපරාධ චෝදනා 19 ක් සම්බන්ධයෙන් එරට හමුදා අධිකරණයේ නඩු විභාගය පැවැත්වුන අතර අවසන් අපරාධ චෝදනා 5 සඳහා සුකී වරදකාරිය කරමින් මෙසේ වසර 7 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. මීට පෙර අපරාධ චෝදනා 14ක් සඳහා සුකී වරදකාරිය කරමින්…

කොවිඩ් ආසාදිතයින්ගේ අලුත්ම තත්වය

මෙරට කොවිඩ් ආසාදිතයන්ගේ යම් වැඩි වීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ඒ අනුව පසුගිය සතියේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 40 දෙනෙකු වාර්තා වූ බවයි එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ. මේ හේතුවෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තාවන විදෙස් රටවලින් මෙරටට පැමිණෙන පුද්ගලයින් සම්බන්ධයෙන් යම් ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. චීනයෙන් මතුවූ නව ප්‍රභේදයත් සමඟ ලොව පුරා යළි කොවිඩ් සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතුවුණා. පසුව ඉන්දියාවේද රෝගය පැතිරයාමේ අවධානමක් මතුව තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. මේ හේතුවෙන් ජනවාරි පළමුවැනිදා සිට චීනය, හොංකොං, ජපානය, දකුණු…

Page 1 of 4
1 2 3 4