අ.ඩො.බි. 200ක් අහිමි කරගත් ප්‍රථමයා බවට ඉලෝන් මස්ක් පත්වෙයි

ලෝක ඉතිහාසයේ තම ධනයෙන් අමරිකානු ඩොලර් බිලියන 200 ක මුදලක් අහිමි කරගත් ප්‍රථම පුද්ගලයා වීමට ඉලෝන් මස්ක් සමත්ව තිබෙනවා.

ඒ, ටෙස්ලා සමාගමේ කොටස් කඩා වැටීමත් සමඟයි.

මේ හේතුවෙන් මස්ක්ගේ ධනය අමරිකානු ඩොලර් බිලියන 137 දක්වා පහත වැටී ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පසුගියදා පෙන්වා දී තිබුණා.

නමුත් 2021 වසරේ නොවැම්බර් 4 වැනිදා මස්ක්ගේ මුළු ධනස්කන්ධය වාර්තා වූයේ අමරිකානු ඩොලර් බිලියන 340 ක් ලෙසයි.

මෙසේ වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ 2022 වසරේ ටෙස්ලා කොටස් අගය සියයට 65 කින් පමණ පහත වැටීමත් හා ට්විටර් සමාගම මිලදී ගැනීමයි.

Related posts

Leave a Comment