ඊයේ දිනයෙන් අවසන් වූ ඉන්දියාව සමඟ පැවති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයේදී අත්වූ දරුණු පරාජය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරුට දැනුම් දී තිබෙනවා.
එම වාර්තාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා, ප්‍රධාන පුහුණුකරු, තේරීම් කමිටුව සහ කළමනාකරුගේ අදහස් ඇතුළත් වියයුතු බව එහි සඳහන්.
දින 5ක ඇතුළත එම වාර්තාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉදිරිපත් කළ යුතු බවයි දැනුම් දී ඇත්තේ.
ඊයේ (15) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තිරුවනන්පුරම් හි පැවති තෙවැනි එක්දින තරගය ලකුණු 317කින් ශ්‍රී ලංකාව පරාජය ට පත්වුණා.
එය එක්දින ජාත්‍යන්තර තරගයකදී කණ්ඩායමක් වාර්තාකළ විශාලම පරාජය බවයි වාර්තා වන්නේ.
