සතොස බඩු කිහිපයක මිල නැවතත් පහළට

සතොස ආයතනය විසින් පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් භාණ්ඩ 12ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා. මෙම මිල පහළ දැමීම හෙට(19) දින සිට ක්‍රියාත්මක වනවා. ඒ අනුව මිල පහත දැමූ භාණ්ඩ වල නව මිල පහතින් පරිදි… ලොකු ලූනු 1kg – රු.180සුදු සීනි 1kg – රු.216රතු කැකුළු 1kg – රු.187සුදු කැකුළු (දේශීය) 1kg – රු. 179සම්බා (දේශීය) 1kg – රු.210සුදු නාඩු (දේශීය) 1kg – රු.189සුදු නාඩු (ආනයනික) 1kg – රු.180කීරි සම්බා 1kg – රු.239රතු පරිප්පු 1kg – රු.370වියළි මිරිස් 1kg – රු.1730පාන් පිටි 1kg – රු.235හාල්මැස්සන් 1kg – රු.1100

ඉන්දියාවෙන් බස් 500ක් ඇණවුම් කරයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට බස් 500ක් සැපයීම සඳහා ඇණවුම ලබා දී ඇති බවට වාර්තා වනවා. මේ පිළිබඳව ඉන්දීය අශෝක් ලේලන්ඩ් සමාගම පවසා ඇති බව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කර තිබෙනවා. ශ්‍රී ලංකාවට ලබාදුන් ඉන්දීය ණය පහසුකම යටතේ මෙම බස්රථ ලබාදීමට නියමිතයි.

උ/පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට

2021 (2022) වර්ෂයේ උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. ඒ අනුව www.doenets.lk වෙබ් අඩවිය හරහා එම ප්‍රතිඵල ලබාගත හැකියි. මෙවර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා විභාගයට පෙනී සිටි අපේක්ෂකයින් 27,012 දෙනෙකු අයදුම් කර තිබෙනවා.

මෙරටින් පිටවන අයටත් බද්දක්

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළකින් හෝ වරායකින් පිටත්ව යන පුද්ගලයින් විසින් ගෙවිය යුතු අපගමන බද්ද සම්බන්ධයෙන් නව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.ඒ මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුවයි. එම රජයේ නිවේදනයට අනුව 2022.03.27 සිට 2023.03.26 දක්වා කාලපරිච්ඡේදය තුළ දී කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළ රත්මලාන සිට ගුවන් යානයකින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන සෑම තැනැත්තෙක්ම ඇමරිකානු ඩොලර් 30 ක අපගමන බද්දක් ගෙවිය යුතු වනවා. මීට අමතරව 2023.01.12 සිට 2023.07.11 දක්වා කාලපරිච්ඡේදය තුළ දී යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත්ව යන සෑම තැනැත්තෙකුගෙන්ම ද ඩොලර් 30 ක අපගමන බද්දක් අය කරන බවයි එහි…

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ යාමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යාමක් ඊයේ (17) දිනයේ දී වාර්තා වී තිබෙනවා. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 113.72 කින් ඉහළ ගොස් ඒකක 8,376.30 ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 79.43 කින් ඉහළ ගොස් ඒකක 2,607.51 ක් ලෙසින් වාර්තා වනවා. මෙය පිළිවෙලින් පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 1.38% ක හා 3.14% ක වර්ධනයක් පෙන්නුම් කරනවා. ඒ අනුව රු. බිලියන 1.24 ක ගනුදෙනු පිරිවැටුමක් ඊයේ දින වාර්තා වුණා.

මැතිවරණ කොමිෂන් සභාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්

2023 පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව අද (18) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. පළාත් පාලන මැතිවරණ පනතට අනුව නාමයෝජනා භාරදීම අවසන් වූ පසු මැතිවරණය පැවැත්වීමට අදාළ කටයුතු සම්පාදනය කරන බව එහි සඳහන්.

Page 1 of 5
1 2 3 5