මත්පැන් බෝතල්වල ඇලවූ ව්‍යාජ ස්ටිකර් සිද්ධිය CIDයට

මත්පැන් බෝතල්වල අලවන ලද ව්‍යාජ ස්ටිකර් පිළිබඳ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අද (19) මුදල් රාජ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මැතිවරණය සම්බන්ධව කල්මුණේ මහ නගර සභාවට ශ්‍රේෂ්ඨාධිකරණ ⁣නියෝගයක්

කල්මුණේ මහ නගර සභාව සඳහා නාමයෝජනා භාර ගැනීම අත්හිටුවමින් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන් විසින් මෙම නියෝගය කරනු ලැබුවේ මූලික අයිතිවාසිකම් අයදුම්පත් දෙකක් සලකා බැලීමෙන් අනතුරුවයි. සයිටම්රුදු ප්‍රදේශයේ පදිංචි අහමඩ් ලෙබ්බේ මොහොමඩ් සලීම් සහ අහමඩ් රහීම් මොහොමඩ් අසීම් ​​විසින් මෙම අයදුම්පත් ගොනු කර තිබුණා. ඔවුන්ගේ පදිංචි ප්‍රදේශය සයින්දමරුදු නගර සභාවට අයත් බව පවසමින් මෙම FR ගොනු කර ඇති නමුත් පසුගිය දා නිකුත් කළ ගැසට් පත්‍රය මගින් ඔවුන් කල්මුණේ මහ නගර සභාවට අයත් බවට ප්‍රකාශ කර…

ආහාර උද්ධමනයෙන් මෙරට තවත් ඉදිරියට

ලෝකයේ ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් පිළිබඳ ලෝක බැංකු නවතම දර්ශකයේ ශ්‍රී ලංකාව හය වෙනි ස්ථානයට පත්ව තිබෙනවා.එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 64 ක්. ගියවර දර්ශකයේ සියයට 74 ක ආහාර උද්ධමනයක් සමඟ ශ්‍රී ලංකාවට හත්වෙනි ස්ථානය හිමිව තිබූ අතර නව දර්ශකයේ ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් මෙසේ හයවෙනි ස්ථානය ලබාගැනීම විශේෂත්වයක්. ලෝක බැංකුව පසුගියදා නිකුත් කළ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නවතම තක්සේරු වාර්තාව මත පදනම්ව මෙම දර්ශකය සැකසී තිබෙනවා. මෙවරත් ලෝක බැංකු දර්ශකයට අනුව ලෝකයේ ආහාර උද්ධමනය වැඩිම රට ලෙස පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ සිම්බාබ්වේ…

ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරටට

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ඇතුළු සිව් දෙනෙකුගෙන් යුත් දූත පිරිස අද (19) පස්වරුවේ දිවයිනට පැමිණියා. මාලදිවයින් සංචාරයෙන් පසු පස්වරු 02.45 ට ඉන්දීය ගුවන්සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් ඔවුන් දිවයිනට පැමිණි බවයි වාර්තා වන්නේ. ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරින් පිරිසක් විසින් පිළිගනු ලැබුවා.

මදන මෝදක ගැන අධිකරණයෙන් ලැබුණු අලුත්ම පැහැදිලි කිරීම

ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි විකුණන්නන් හෝ ළඟ තබා ගන්නන් අත් අඩංගුවට ගැනීමට හෝ නඩු පැවරීමට පොලිසියට කිසිදු බලයක් නැති බව අත්තනගල්ල අංක 2 මහේස්ත්‍රාත්වරයා ඊයේ (18) විවෘත අධිකරණයේ දී අවධාරණය කර තිබෙනවා. ආයුර්වේද පනතට අනුව කංසා ඇට හා කොළ ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය මිශ්‍රකොට මදන මෝදක නිෂ්පාදනය කරන බව පැහැදිලි ව සඳහන් කර ඇතැ යි පවසා ඇති මහේස්ත්‍රාත්වරයා, ආයුර්වේද පනත පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කර ඇති බව සඳහන්. මේ අනුව කංසා හෙවත් ගංජා නොමැති ව මදන මෝදක නිෂ්පාදනය කළ නො හැකි බවත් එවැනි මදන මෝදක ළඟ තබා ගැනීම හෝ විකිණීම…

මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට තර්ජනය කිරීමට අදාලව CID ය පරීක්ෂණ අරඹයි

ජාතික මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට තර්ජනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ ඊයේ රාත්‍රියේ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකුට තර්ජනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් කරුණු දැක්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ජාතික මැතිවරණ කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකුට ඊයේ රාත්‍රියේ තර්ජන එල්ල වී ඇති බවට තොරතුරු ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී…

Page 1 of 4
1 2 3 4