“එක්ස්ප්‍රස් පර්ල්” නැවේ කොටසක් ගොඩට ගනියි

මෙරට මුහුදේ ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කොටසක් ගොඩගත් බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.ඒ චීන සමාගමක් විසින්. එම නෞකාව මෙරට මුහුදු සීමාවෙන් එපිටට රැගෙන යන බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති, නීතිඥ දර්ශනි ලහඳපුර මහත්මිය ප්‍රකාශ කළේ. මේ වන විට නෞකාව කොටස් දෙකකට කපා එක් කොටසක් ජලය මතු පිට පා වෙන තත්ත්වයට පත් කර ඇති අතර තවත් නෞකා දෙකක් ආධාරයෙන් එය රඳවා තබාගෙන තිබෙනවා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය එම කටයුතු සමීපව අධීක්ෂණය කරමින් පරිසර හානිය අවම කර ගැනීමට අවශ්‍ය උපදෙස් හා මග පෙන්වීම සිදු කරමින් පවතින බවයි නීතිඥ…

ඉන්දීය විදේශ අමාත්‍යවරයා රටින් පිටව යයි

ඉන්දීය විදේශ අමාත්‍ය, ආචාර්ය එස්.ජයිෂංකර් මහතා ඇතුළු දූත පිරිස සිය දෙදින ශ්‍රී ලංකා සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. එම දූත පිරිස පැමිණි ඉන්දියාවට අයත් විශේෂ ගුවන් යානයෙන්ම අද (20) සවස 04.50 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ.

හෙට ජල කප්පාදුවක්

ප්‍රදේශ කිහිපයකට හෙට (21) දින ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා. ඒ අනුව පෙරවරු 11 සිට රාත්‍රී 8 දක්වා පැය 9ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇතී. මෙලෙස ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ,කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශ, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශයි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා.

මැතිවරණයක් අවශ්‍ය මුදල් නොමැති බව මුදල් අමාත්‍යංශ කියයි

මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය අමතර මූල්‍ය ප්‍රතිපාදන සොයාගැනීම මහා භාණ්ඩාගාරයට දැඩි අභියෝගයක් බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (20)දැනුම් දී තිබෙනවා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ, රාජ්‍ය ආදායම මේ වනවිට දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි. මැතිවරණය පැවැත්වීම කල්දමන නියෝගයක් නිකුත් කරන ලෙස විශ්‍රාමික යුද හමුදා කර්නල් වරයකු ඉදිරිපත්කළ රිට් පෙත්සමට අදාළව දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මෙම දැනුම්දීම සිදු කර තිබෙනවා.

බිත්තර මිල අඩු කර නව ගැසට් නිවේදනයක්

බිත්තර මිල සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් බවත් රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් බව එම නිවේදනයේ සඳහන්.

ලංවීමේ ජෙනරේටර් වාර්තාව සඟවයි

මෙගාවොට් 50 ක් නිපදවිය හැකි කුඩා ජෙනරේටර් පනහක් මිලදී ගත් දූෂිත ගනුදෙනුව පිළිබඳ සෙවීමට කමිටුවක් පත් කළත් අදාල වාර්තා සඟවාගෙන ඇති බව ලංවිම මාණ්ඩලික තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති ඒ. ජී. යූ. නිශාන්ත මහතා පවසනවා. රුපියල් කෝටි දෙසීයකට අධික මුදලක් වැයකර මෙම ජෙනරේටර් මිලදීගෙන ඇති බව සඳහන්. අකාර්යක්‍ෂමතාවෙන් යුත් මෙම ජෙනරේටර් ඩීසල් ගිලින යක්‍ෂයකු බවත් එම ජෙනරේටර් මිලදී ගත්තත් ඉන් අපේක්‍ෂිත අරමුණු ඉටු නොවූ බවත් ඒ මහතා කියා සිටියා.

Page 1 of 4
1 2 3 4