අලි සබ්රි සෞදි අරාබියට

විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සෞදි අරාබියේ නිල සංචාරයක නිරත වීමට නියමිත බවයි.

ඒ සෞදි විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරුගේ ආරාධනයකට අනුවයි.

ජනවාරි 23දා සෞදිය බලා පිටත්ව යන විදේශ අමාත්‍යවරයා ජනවාරි 27 දා දක්වා සෞදියේ සංචාරය කිරීමට නියමිතයි.

එහිදී අලි සබ්රි මහතා හා ෆර්හාන් අල් සවුද් කුමරු අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කර ගැනීමට නියමිතයි.

මෙහිදී අමාත්‍යවරයා ඉස්ලාමීය සංවර්ධන බැංකුව, ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය, ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මක්කම සහ මදීනා ආණ්ඩුකාරවරුන් ද හමුවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Related posts

Leave a Comment