කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ රියැදුරන්ට විශේෂ නිවේදනයක්

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ සිට අඹේපුස්ස දක්වා වූ කොටසේ වාහන ධාවනය එක් මංතීරුවකට පමණක් සීමා කර තිබෙනවා. ඒ අනුව අනිද්දා (24) සිට පෙබරවාරි මස 01 දා දක්වා මෙසේ සීමා කෙරෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා. අදාළ කොටසේ කාපට් ඇතිරීමට නියමිත බැවින් මෙම තීරණය ගෙන තිබෙනවා. එම කොට්ඨාසය පැවසුවේ, මේ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

පාසල් අධ්‍යාපන චාරිකා සම්බන්ධයෙන් අධ්‍යාපන ආමාත්‍යාංශයේ අවධානය

පාසල් අධ්‍යාපන චාරිකාවලදී විශේෂයෙන් සැලකිල්ලක් දැක්විය යුතු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රාත්‍රී කාලය පෙර යළිත් නිවෙස්වලට යා හැකි පරිදි නිශ්චිත දුර ප්‍රමාණයක් නියම කිරීම කෙරෙහි අධ්‍යාපන ආමාත්‍යාංශයෙහි අවධානය යොමු වී ඇති බව සඳහන්. ඒ අනුව අධ්‍යාපන චරිකාවල නිරත වන පාසල් සිසුන්ට දිනකට එක් අන්තයකට කිලෝ මීටර් 100ක් හෝ ඊට අඩු දුරක් පමණක් ගමන් කළ හැකි බවට නීතියක් ගෙන ඒමට සැලසුම් කර තිබෙනවා. එමෙන්ම අදාළ කිලෝ මිටර් 100 සීමාව සහ පස්වරු 6.30 ට පෙර එම සියලු බස් රථ පාසලට පැමිණිය යුතු බවටත් සඳහන් කරමින් ඉදිරියේදි…

මැකෝගෙන් විශේෂ දැනුම් දීමක්

උසස් පෙළ අපේක්ෂකයින්ට බාධාවක් ඇති නොවන පරිදි මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වන්නැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ අපේක්ෂකයින්ට දැනුම් දී තිබෙනවා. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, මැතිවරණ නීති කඩකිරීමෙන් තොරව සියලු පාර්ශ්ව කටයුතු කළයුතු බවයි.

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර රැසක් ප්‍රතික්ෂේප වෙයි

පළාත් පාලන ආයතන රැසකට ප්‍රධාන දේශපාලන පක්ෂ භාරදුන් නාමයෝජනා පත්‍ර රැසක් ප්‍රතික්ෂේප වී තිබෙනවා. ඒ අනුව දිස්ත්‍රික්ක 15ක පමණ ප්‍රතික්ෂේප වූ නාමයෝජනා පත්‍ර සංඛ්‍යාව 100 ඉක්මවා ඇති බව සඳහන්. එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවට හා මහියංගණය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබෙනවා. ලංකා කම්කරු කොංග්‍රසය හාලිඇළ ප්‍රාදේශීය සභාව සඳහා ලබාදුන් නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබුණු බව වාර්තා වනවා. හෙලිකොප්ටරය ලකුණින් යුත් නිදහස් ජනතා සන්ධානය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ද ප්‍රතික්ෂේප වී තිබු අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත්…

විභාග කාල සීමාවේ විදුලි කැපීම ගැන විභාග කොමසාරිස් කියයි

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලි කප්පාදුවක් සිදුනොකර ලෙස කළ ඉල්ලීමට විදුලිබල මණ්ඩලයේ එකඟතාවය හිමි වු බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මේ බව පැවසීය. ඔහු මේ බව පැසුවේ විභාග දෙපාර්තමේන්තුවේ අද (22) පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින්. කෙසේවෙතත් විභාගය නොපැවැත්වෙන කාලය අතරතුර තුළ දී යම්කිසි කෙටි විදුලි විසන්ධිවීමක් සිදුවිය හැකි බවද ඒ මහතා පවසනවා. රාත්‍රී කාලයේ ද අධ්‍යනය කටයුතු සිදුකිරීමට අවශ්‍ය බැවින් විදුලි කප්පාදුවක් සිදුනොකරන ලෙස කළ ඉල්ලීමට මේ වනවිට යම් එකඟතාවයකට පැමිණ ඇතැයි ද විභාග කොමසාරිස්වරයා පවසනවා. නමුත් නැවත නැවතත් දරුවන් ගැන අවධානය යොමුකරමින් විදුලි කප්පාදුව…

නානුඔය රිය අනතුරේ රියදුරා රක්ෂිත බන්ධනාගාරයට

නානුඔය – රදැල්ල කෙටි මාර්ගයේ දී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි බස් රියදුරා ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා. අද (22) දහවල් සැකකරුව නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මස 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව වාර්තා වනවා.

Page 1 of 5
1 2 3 5