නවසීලන්තයේ නව අගමැතිවරයා ලෙස ක්‍රිස් හිප්කින්ස් නිල වශයෙන් තේරීපත්ව තිබෙනවා.
ඉදිරිපත් වූ නාම යෝජනාවට පාලක කම්කරු පක්ෂයේ අනුමැතිය හිමිවීමත් සමගම මෙම තෝරා පත් කිරීම කරනු ලැබුවා.
මේ අනුව 44 හැවිරිදි හිප්කින්ස් එරට 41 වැනි අගමැතිවරයා ලෙස මෙන්ම කම්කරු පක්ෂයේ නායකයා ලෙස ද පත් වන බවයි වාර්තා වන්නේ.
නවසීලන්තයේ වත්මන් අධ්‍යාපන සහ රාජ්‍ය සේවා අමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් අගමැති තනතුර සඳහා ඉදිරිපත් වූයේ තමන් ධුරයෙන් ඉවත්වන බවට අගමැතිනී ජසින්ඩා ආර්ඩ්න් දැනුම්දිමෙන් පසුවයි.
