ICC කණ්ඩායම් සඳහා ඉනෝකා සහ වනිඳු නම්කෙරේ

වනිඳු හසරංග සහ ඉනෝකා රණවීර පිළිවෙලින් 2022 වසරේ ICC පිරිමි T20I කණ්ඩායමට සහ 2022 වසරේ ICC කාන්තා T20I කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලැයිස්තුගත කර තිබෙනවා. කාන්තා කණ්ඩායම සඳහා ඉනෝකා රණවීර නම්කර ඇති අතර 2022 ICC 20/20 පිරිමි ක්‍රිකට් කණ්ඩායම සඳහා වනිඳු හසරංග ව නම්කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා.

පාන් මිල අඩුවන ලකුණු

පාන් අලෙවිය සියයට 50 කින් පමණ අඩුවීම හේතුවෙන් පාන් ගෙඩියක මිල ඉදිරියේදී අඩු කිරීම සම්බන්ධයෙන් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ අවදානය යොමුව තිබෙනවා. දිවයින පුරා බේකරි හිමියන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව ඒ සම්බන්ධයෙන් ඉදිරි සතියේදී රැස්වී තීරණයක් ගැනීමට නියමිතයි. වෙළඳපළේ පාන් ගෙඩියක් රුපියල් 170 කට මේ වන විට අලෙවි වන අතර මිල ඉහළ යාම නිසා පාරිභෝගිකයන් පාන් පරිභෝජනය අඩුකර ඇති බව බේකරි හිමියන් පෙන්වා දෙනවා.

උද්ධමනයේ පහළ යාමක්

2022 නොවැම්බර් 65% ක් ලෙස පැවති ජාතික පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය, පසුගිය දෙසැම්බරයේ 59.2% දක්වා පහත වැටී තිබෙන බව ජනලේඛන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව 2022 නොවැම්බර් මාසයේදී 69.8% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 2022 දෙසැම්බර් මාසයේදී 59.3% දක්වා අඩු වී තිබෙනවා. එමෙන්ම ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) ද 2022නොවැම්බර් මාසයේදී 60.4% ක් වූ අතර එය 2022 දෙසැම්බර් මාසයේදී 59.0% දක්වා අඩුවී තිබෙනවා. ආහාර කාණ්ඩය සැළකූවිට පොල්, කිරිපිටි, අළුත් පළතුරු, තේ කොළ/කුඩු, පොල්තෙල්, බිත්තර, රතුළූණු සහ කුකුළ්මස් යන ආහාර ද්‍රව්‍ය වල මිලෙහි වැඩිවීමක් වාර්තා…

විදුලි කප්පාදුව අඩුකරයි

මහජන උපයෝගිතා කොමිසම විදුලි කප්පාදුව අඩුකර ඇති බව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව විදුලි කප්පාදුව පැය 2ක දක්වා අඩුකළ බව සඳහන්. A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා ඒ අනුව දිවා කාලයේදී විනාඩි 40ක් සහ රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක් වශයෙන් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි. මේ අතර ජනවාරි 23 සහ පෙබරවාරි 17 වනදා අතර කාලය තුළදී විභාගය පැවැත්වෙන දිනවලට පෙර දිනයන්හිදී රාත්‍රී 7න් පසුව විදුලි කප්පාදුව සිදුනොකරන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එඑම කොමිසම ලිපියක් යොමුකරමින් මෙම ඉල්ලීම සිදුකර බව සඳහන්.

කැලණිතිස්ස විදුලි බලාගාරය යළි වැඩ අරඹයි

කැලණිතිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු යළි ආරම්භ කර තිබෙනවා. අද පෙරවරු 08ට යළිත් වරක් බලාගාරයේ ජනන කටයුතු ආරම්භ කළ බව එම බලාගාරයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. ප්‍රමාණවත් පරිදි නැප්තා නොමැති වීම හේතුවෙන් කැලණිතිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට නවතා දමා තිබුණා. කෙසේවෙතත් කැලණිතිස්ස විදුලි බලාගාරය සතුව දැනට පවතින නැප්තාවලින් යළි ජනන කටයුතු ක්‍රියාත්මක කළ ද එය තවත් දින එකහමාරක කාලයකට පමණක් ප්‍රමාණවත් වන බව එම ප්‍රකාශකයා [පවසනවා. විදුලි බල මණ්ඩලය විසින් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට මුදල් නොගෙවීම හේතුවෙන් නැප්තා ලබාදීම ප්‍රතික්ෂේප කිරීම මෙම තත්ත්වයට හේතුවී ඇති බව ලංකා…

වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය විරෝධතාවයක

වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සංවිධානය අද (23) දහවල් කාලයේදි කොළඹ වරාය ප්‍රධාන පිවිසුම අසලදී දැවැන්ත විරෝධතාවයක් පැවත්වීමට කටයුතු කළා. රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ඔවුන් එම විරෝධතාවය පැවැත්වූ අතර ඊට විශාල පිරිසක් ද සහභාගි වී තිබුණා. ඒ හේතුවෙන් කොළඹ පළමු හරස් වීදිය හා එන්.එච්.එම් අබ්දුල් කාදර් මාවත සම්පූර්ණයෙන්ම අවහිර වී තිබූ බවට වාර්තා වනවා. මෙම විරෝධතාවය පැවති ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් ද යොදා තිබෙනු දක්නට ලැබුණු අතර පොලීසිය මෙන්ම හමුදා සාමාජිකයන් ද එම ස්ථානයට කැඳවා තිබුණා.

Page 1 of 4
1 2 3 4