රබර් ෂිට් මිලදී ගැනීම නැවත සීමා කෙරේ

රබර් ෂිට් මිලදී ගැනීම නැවත සීමා කර ඇති බව රබර් දෙපාර්තමේන්තුව සඳහන් කළා. එහි අධ්‍යක්ෂ සුසන්ත සිරිවර්ධන සඳහන් කළේ, අපනයනික රබර් ෂිට් සීමා වීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි. එහිදී ආර්ථික අර්බුදය හා දේශීය ටයර් නිෂ්පාදනය සීමා වීම තුළින් මෙම අර්බුදය උග්‍ර වි ඇති බව ඔහු සඳහන් කළේ. තවදුරටත් ඔහු පෙන්වා දුන්නේ, ලෝක වෙළෙඳපොළේ රබර් මිල වැඩි වීම මත ඉදිරියේදී රබර් මිල ඉහළ යා හැකි බවයි.

කැලිෆෝනියාවේ වෙඩි තැබීමකින් 7ක් මරුට

කැලිෆෝනියාවේ හාෆ් මූන් බේ වෙරළබඩ නගරයේ ස්ථාන දෙකක තවත් වෙඩි තැබීම් දෙකක් සිදුව තිබෙනවා. එම වෙඩි තැබීම්වලින් මියගිය පුද්ගලයින් ගණන 7 ක්. සිද්ධියෙන් මියගිය සිව්දෙනෙකු ගොවිපොළ සේවකයින් වන අතර සෙසු තිදෙනා වාහන අලෙවි කරන ස්ථානයක සේවය කළ පුද්ගලයින්. වෙඩික්කරු අත්අංගුවට ගැණුනත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

උ/ පෙළ කාලවකවානුවේදී විදුලිය කැපීමට අදාලව මානව හිමිකම් කොමිසම තීරණයකට

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයාට සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. උසස් පෙළ විභාගය පැවැත්වෙන ජනවාරි 23 සිට පෙබරවාරි 17 වනදා දක්වා විදුලිය විසන්ධි කිරීම වැළැක්වීමට අවශ්‍ය සුදුසු පියවර ගන්නා ලෙසට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයාට මානව හිමිකම් කොමිෂන් සභාව පසුගිය 23 වනදා දන්වා තිබුණා. නමුත් ඒ පිළිබඳව දෙපාර්ශ්වයම විසින් කිසිඳු පියවරක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිරීක්ෂණය කර ඇති බවට වාර්තා වනවා. ජනවාරි 25…

වෛද්‍ය උපකරණ තොගයක් මෙරටට

මෙරට ළමයින් සඳහා ප්‍රතිශක්තිකරණ සහ පෝෂණ සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් ජපන් රජය විසින් යුනිසෙෆ් සංවිධානය හා එක්ව ලබාදුන් එන්නත් බහලුම් ශීත කාමර හා පෝෂණ සැපයුම් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාර දී තිබෙනවා. 2021 වසරේ දී එන්නත් බහාලුම් ශීත පෙට්ටි සහ උෂ්ණත්ව මාපකයන් බෙදා දීමේ වැඩපිළිවෙළෙහි තවත් එක් පියවරක් මෙය වන අතර ඒ සඳහා වැය කෙරෙන මුදල ඩොලර් මිලියන 03ක්. මේ යටතේ අධික උෂ්ණත්වයට සංවේදී එන්නත් විශාල ප්‍රමාණයක් එකවර ගබඩා කිරීමේ පහසුකම් සහිත ශීත කාමර 13ක් පවතිනවා. එම අවස්ථාවට එක් ව සිටි එක්සත් ජාතින්ගේ ළමා අරමුදලේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් කූග් සඳහන් කර…

හෙට සිට නැවතත් විදුලි කප්පාදුවේ වෙනසක්

නැවතත් විදුලි කප්පදුවේ වෙනසක් සිදු කර තිබෙනවා. ඒ අනුව හෙට(25) සිට පැය 02 විනාඩි 20ක කාලයක් නැවතත් විදුලි කප්පාදුව සිදු වන බව මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලැබී ඇති බව සඳහන්.

ඉන්දීය ආරම්භක පිතිකරු කේ. එල්. රාහුල් යුග දිවියට

ඉන්දීය ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකරුවෙක් වන කේ. එල්. රාහුල් සිය දිවි ගමන ඊයේ (23) ආරම්භ කළා. කේ.එල්. රාහුල් විවාහ දිවියට ඇතුළත් වුණේ බොලිවුඩයේ සුපිරි නළු සුනිල් ෂෙට්ටිගේ දියණිය වන අතියා ශෙට්ටි සමඟයි. බොලිවුඩයේ රංගන ශිල්පිනියක් වන අතියා ශෙට්ටි සහ රාහුල් අතර දීර්ඝ කාලීනව පෙම් සම්බන්ධතාවයක් පවතී බවයි වාර්තා වන්නේ. ඔවුන්ගේ විවාහය ඊයේ පැවැත්වුණේ සුපිරි නළු සුනිල් ෂෙට්ටි ට අයත් ගොවිපොළක වීම විශේෂත්වයක්.

Page 1 of 4
1 2 3 4