ඉන්දීය ක්රිකට් පිලේ ආරම්භක පිතිකරුවෙක් වන කේ. එල්. රාහුල් සිය දිවි ගමන ඊයේ (23) ආරම්භ කළා.
කේ.එල්. රාහුල් විවාහ දිවියට ඇතුළත් වුණේ බොලිවුඩයේ සුපිරි නළු සුනිල් ෂෙට්ටිගේ දියණිය වන අතියා ශෙට්ටි සමඟයි.
බොලිවුඩයේ රංගන ශිල්පිනියක් වන අතියා ශෙට්ටි සහ රාහුල් අතර දීර්ඝ කාලීනව පෙම් සම්බන්ධතාවයක් පවතී බවයි වාර්තා වන්නේ.
ඔවුන්ගේ විවාහය ඊයේ පැවැත්වුණේ සුපිරි නළු සුනිල් ෂෙට්ටි ට අයත් ගොවිපොළක වීම විශේෂත්වයක්.
