ඇන්ජලෝ මැතිව්ස් සංචිතයට

එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව සිවුදින තරග 2 කට සහ එක්දින සීමිත ඕවර තරග 3 කට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ඒ සංචිතයට ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් ජනිත් පෙරේරා නම් කර තිබෙනවා. මෙම සංචාරය සඳහා 22 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරාගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ. අදාල සම්පූර්ණ නිවේදනය පහතින්…

ඇෆ්ගනිස්ථානයේ කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මිය යයි

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් පවසනවා. අධික ශීත දේශගුණික තත්ත්වය හේතුවෙන් ගොවිපොළ සතුන් 70,000 ක් පමණද මියගොස් ඇතැයි ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු පවසා තිබෙනවා. මෙය දශක ගණනකින් ඇෆ්ගනිස්ථානයට බලපෑ දරුණුතම ශීත කාලගුණික තත්ත්වය බව ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

නැදුන්ගමුවේ රාජා ජාතික කෞතුකාගාරයට

නැදුන්ගමුවේ රාජා හස්තියාගේ සිරුර ජාතික කෞතුකාගාර භූමියේ සංරක්ෂණය කිරීමට තීරණය කර තිබෙනවා. නැදුන්ගමුවේ රාජා හස්තියා සංරක්ෂණය කිරීම සඳහා යෝජනා වූ ස්ථාන වන මහනුවර අස්ගිරි මහවිහාරය, ගැටඹේ රාජෝපවනාරාමය සහ බෝගම්බර බන්ධනාගාර භූමිය පිළිබඳව සොයා බැලීම සඳහා අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු කෞතුකාගාර දෙපාර්තමේන්තු ප්‍රධානීන් පසුගිය දා මහනුවර එම ස්ථාන වෙත ගියා. මේ වනවිට එම විහාරස්ථානයන් හි ඉඩකඩ සීමා සහිත වන බැවින් ද බෝගම්බර බන්ධනාගාර භූමියේ නව ඉදිකිරීම් හි අවසාන සැලසුම් සකස් වී නොැමැති බැවින් ද පහසුවෙන් ජනතාවට නැඳුන්ගමුවේ හස්තිරාජයා දැකබලා ගැනීමට ඉඩ සලසමින් ජාතික කෞතුකාගාර භූමියේ මෙම සංරක්ෂණ කටයුතු සිදු කිරීමට…

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාල අසත්‍ය ලිපියක් සම්බන්ධව දැනුම්දීමක්

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපති සහ මුදල් අමාත්‍යවරයා වෙත තානාපති කාර්යාලයේ නිල ලිපි ශීර්ෂය යොදාගෙන ඇති ලිපියක් අසත්‍ය බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසනවා. සමාජ මාධ්‍යවල සංසරණය වී ඇති එම ලිපියේ සඳහන් වන්නේ චීනයට හිඟ ණය කමා කිරීමට නොහැකි වනු ඇති බවත් ඒ වෙනුවට ද්විපාර්ශ්වික සහ වාණිජ ණය ආපසු ගෙවීම සඳහා වසර 5 ක තහනමක් ලබා දීමෙන් ආපසු ගෙවීමේ කාලසටහන ලිහිල් කිරීමට සූදානම් බවයි. එම ලිපිය ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ සිය නිල ලිපි ශීර්ෂය යටතේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සහ මුදල් අමාත්‍යවරයාට ලියා…

උ/පෙළ සමයේ විදුලි කප්පාදුව ගැන කියන්න පිරිසක් මානව හිමිකම් කොමිසමට

අපොස උසස් පෙළ විභාගය පැවතෙන සමයේ විදුලි කප්පාදුව සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට කරුණු කීම සඳහා නිලධාරීන් තිදෙනෙක් එම කොමිසමට පැමිණි බව අප වාර්තා වනවා. ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොනල්ඩ් කොමෙස්ටර්, අමාත්‍යංශ ලේකම්වරයා සහ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණ ඇති බව සඳහන්.

මෙරටට ඉන්දියාවෙන් ලැබෙන සහය IMF පිළිගනී

IMF

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉන්දියාව ලබා දුන් සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිගෙන තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණයවල තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීමට අනුකූලව ඉන්දියාව මූල්‍යකරණ සහතික හා ණය සහන ලබාදීමට කැපවී සිටින බව IMF කළමනාකාරිත්වයට පෙන්වා දී, තහවුරු කළ බව සඳහන් කළා. අනෙකුත් ණය හිමියන්ගෙන් ද එවැනිම කැපවීම් බලාපොරොත්තුවෙන් සිටින බව IMF ප්‍රකාශකයකු විදෙස් මාධ්‍යයට පවසා තිබෙනවා.

Page 1 of 4
1 2 3 4