ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් පවසනවා.
අධික ශීත දේශගුණික තත්ත්වය හේතුවෙන් ගොවිපොළ සතුන් 70,000 ක් පමණද මියගොස් ඇතැයි ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු පවසා තිබෙනවා.
මෙය දශක ගණනකින් ඇෆ්ගනිස්ථානයට බලපෑ දරුණුතම ශීත කාලගුණික තත්ත්වය බව ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
