නවසීලන්ත නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දෙයි

නවසීලන්ත නව අග්‍රාමාත්‍යවරයා ලෙස ක්‍රිස් හිප්කින්ස් දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අගමැතිනි ජසින්ඩා ආර්ඩර්න් ඉල්ලා අස්වීමෙන් පසුව නව අගමැති දිවුරුම් දීමට වෙලින්ටන් අගනුවර පැවති උත්සවයකදීයී.

‘මෙය මගේ ජීවිතයේ ලොකුම වරප්‍රසාදය සහ වගකීමක්… ඉදිරියේ ඇති අභියෝගවලට මම ජවසම්පන්න සහ උද්යෝගිමත් ලෙස මුහුණ දීමට සූදානම්’ ලෙසයි හිප්කින්ස් නිල වශයෙන් බලයට පත්වීමෙන් පවසා ඇත්තේ.

1978 සැප්තැම්බර් 5 උපත ලැබූ ක්‍රිස්ටෝපර් ජෝන් හිප්කින්ස් නවසීලන්ත දේශපාලනඥයෙක්.

ඔහු නවසීලන්තයේ 41 වැනි අගමැති ලෙසයි දිවුරුම් දී ඇත්තේ.

2008 සිට නවසීලන්ත කම්කරු පක්ෂයේ නායකයා ලෙස සේවය කරන ඔහු එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වනවා.

Related posts

Leave a Comment