නැදුන්ගමුවේ රාජා හස්තියාගේ සිරුර ජාතික කෞතුකාගාර භූමියේ සංරක්ෂණය කිරීමට තීරණය කර තිබෙනවා.
නැදුන්ගමුවේ රාජා හස්තියා සංරක්ෂණය කිරීම සඳහා යෝජනා වූ ස්ථාන වන මහනුවර අස්ගිරි මහවිහාරය, ගැටඹේ රාජෝපවනාරාමය සහ බෝගම්බර බන්ධනාගාර භූමිය පිළිබඳව සොයා බැලීම සඳහා අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු කෞතුකාගාර දෙපාර්තමේන්තු ප්‍රධානීන් පසුගිය දා මහනුවර එම ස්ථාන වෙත ගියා.
මේ වනවිට එම විහාරස්ථානයන් හි ඉඩකඩ සීමා සහිත වන බැවින් ද බෝගම්බර බන්ධනාගාර භූමියේ නව ඉදිකිරීම් හි අවසාන සැලසුම් සකස් වී නොැමැති බැවින් ද පහසුවෙන් ජනතාවට නැඳුන්ගමුවේ හස්තිරාජයා දැකබලා ගැනීමට ඉඩ සලසමින් ජාතික කෞතුකාගාර භූමියේ මෙම සංරක්ෂණ කටයුතු සිදු කිරීමට අමාත්‍යවරයා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර තීරණය කෙරුණා.
