පාසල් පැමිණීමට අපහසු වූ උසස් පෙළ සිසුන්ට නිවේදනයක්

පාසල් පැමිණීමට අපහසු වූ උසස් පෙළ සිසුන්ට යම් සහනදායි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.ඒ පසුගිය කාලයේ මතු වූ විවිධ පොදු හේතුන් මත බවයි අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙක් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ. 2023 වර්ෂයේ සිට අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනීසිටින සිසුන් සඳහා 80% පාසල් පැමිණීම අනිවාර්ය බව අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (28) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. කෙසේ වෙතත් 2022 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනීසිටින සිසුන් සඳහා 80% පැමිණීම තහවුරු කිරීම අත්‍යවශ්‍ය නොවන බව…

ලොව විශාලතම ගිනි කන්ද පුපුරා යයි

ලොව විශාලතම සක්‍රීය ගිනි කන්ද වන හවායි හි මවුනා ලෝවා (Mauna Loa) වසර 40 කට පමණ පසු ප්‍රථම වරට පුපුරා ගොස් තිබෙනවා. හවායි ගිනිකඳු ජාතික වනෝද්‍යානය තුළ පිහිටා ඇති මවුනා ලෝවා, එක්සත් ජනපද ප්‍රාන්තයේ විශාල දූපතෙන් අඩක් ආවරණය කරනවා. ගිනිකන්ද මුහුදු මට්ටමේ සිට අඩි 13,679 (මීටර් 4,169) ඉහළට නැඟී ඇති අතර වර්ග සැතපුම් 2,000 (වර්ග කිලෝමීටර් 5,179) කට වඩා වැඩි ප්රදේශයක් පුරා විහිදෙනවා. ගිනිකන්ද පිහිටි ප්‍රදේශය අවට සිට ජනතාවට අනතුරු අඟවා ඇති අතර අළුවැටීමේ අවදානමක් ඇති බවද දන්වා තිබෙනවා. ගිනිකන්දේ ස්වභාවය ක්ෂණිකයෙන් වෙනස්විය හැකි බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය…

විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය කාලය තීරණයට නීති සම්පාදනය ගැන අවදානය

මෙරට සිසුවෙකුට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස රැඳී සිටීමට හැකි උපරිම කාල සීමාව නීතියෙන් නියම කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පවසනවා. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා උපාධි පාඨමාලාවට තේරී පත්වන සිසුන් වෙනත් බොහෝ ක්‍රියාකාරකම්වල නියැලෙමින් අධ්‍යාපන කටයුතු නොසලකා හරිමින් සිටින බවයි ඔහු පැවසුවේ. විශ්වවිද්‍යාලයේ තුන් අවුරුදු උපාධි පාඨමාලා සිසුන්ට උපරිම අමතර වසර එකහමාරක් දක්වා අධ්‍යයන කටයුතුවල නියැලීමට අවසර දෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. අදහස් විමසීමෙන් අනතුරුව මෙම යෝජනාව රට තුළ නීතියක් බවට පත් කරන බවයි ඔහු කියා සිටියේ.

සුඛෝපභෝගී මගී නෞකාවක් කොළඹ වරායට

“Mein Schiff 5” නමැති සුඛෝපභෝගී මගී නෞකාව කොළඹ වරායට පැමිණ තිබෙනවා. ඒ මගීන් 2,030ක් සහ කාර්ය මණ්ඩලය 945ක් සමඟින්. කොළඹ වරායට පැමිණි ‘Mein Schiff 5’ සුඛෝපභෝගී නෞකාවේ මංගල ගමන මෙය බැවින් කපිතාන්වරයා කාර්ය මණ්ඩලය සහ වරාය නිලධාරීන් අතර සමරු ඵලක හුවමාරු කර ගැනීමේ උත්සවාකාර උත්සවයක් ද පැවැත්වීමට නියමිතයි. ‘Mein Schiff 5’ හි විශාලත්වය හේතුවෙන් එය මගී පර්යන්තය වෙනුවට නැගෙනහිර බහාලුම් පර්යන්තයේ නැංගුරම් ලා තිබෙනවා. සංචාරක නෞකාවක් නැඟෙනහිර බහාලුම් පර්යන්තයේ නැංගුරම් ලා ඇති පළමු අවස්ථාව ද මෙයයි. යාත්‍රාවේ වැඩි පිරිසක් යුරෝපයෙන් පැමිණි මගීන් බවයි සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටියේ. “Mein…

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. Twitter පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කරනවා. ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව පත්කරන ලද කමිටුව විසින් ඉදිරිපත් කළ නිර්දේශ සඳහා මෙලෙස අනුමැතිය හිමිවූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් එමගින් සඳහන් කර ඇත්තේ.

අලි සබ්‍ අමෙරිකාවේ නිල සංචාරයක

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අද (29) අලුයම අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ, අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්ගේ ආරාධනයකට අනුවයි. අමාත්‍යවරයා සමඟ තවත් රාජ්‍ය නිලධාරීන් 3 දෙනෙකු එම සංචාරය සඳහා එක්ව සිටි බව කටුනායක ගුවන්තොටුපොළේ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළා. දෙසැම්බර් 4 වැනි දා දක්වා අමෙරිකාවේ රැඳී සිටින විදේශ අමාත්‍යවරයා එරට ඉහළ පෙළේ නිලධාරීන් රැසක් හමුවීමට නියමිතයි.

Page 1 of 782
1 2 3 782