‘9 වන කණ්ඩුල’ පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයට

‘9 වන කණ්ඩුල’ ඇත් පැටවා සම්ප්‍රදායානුකූල මඟුල් බෙර වාදනය මධ්‍යයේ සුභ නැකතින් 2022 නොවැම්බර් 24 දින පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් තිබෙනවා.  යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු මහතාගේ උපදෙස් මත පින්නවල අලි අනාථාගාරය සහ වනජීවී දෙපාර්තමේන්තුව සමඟ සහයෝගයෙන් යුතුව පවතින නීතිරීති වලට අනුකූලව නව ඇත් පැටවාගේ භාරකාරත්වය ශ්‍රී ලංකා පාබල හමුදාව ලබාගැනීමට හැකි වී ඇති අතර, දෙහිවල ජාතික සත්වෝද්‍යානය සමඟ එක්ව මෙම කර්තව්‍යය සාර්ථක කර ගැනීමට හැකි වුණා.   ශ්‍රී ලංකා පාබල හමුදාවේ මංගල වස්තුව ලෙස සංකේතවත්…

පාසල් සිසුන්ට මත්පෙති අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට

පාසල් සිසුන් ඉලක්ක කරගෙන වව්නියාව ප්‍රදේශයේ මත්පෙති අලෙවි කරමින් සිටි සැකකරුවෙක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පෙති 539ක් සමඟයි. සැකකරු වව්නියාව පුවරසන්කුලම් හිදී ඊයේ (27) අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ. මෙම පුද්ගලයා දීර්ඝ කාලයක් පුරා ප්‍රදේශයේ පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මෙම ජාවාරම සිදුකර ඇති බව සඳහන්. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු පුවරසන්කුලම් පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

දීර්ඝතම විදුලි කප්පාදුවක් ගැන අනාවැකියක්

ප්‍රමාණවත් තරම් ගල් අඟුරු ලබන වසරේ අප්‍රේල් මස 15 වන දිනට පෙර නොලැබුණහොත් මෙතෙක් ඉතිහාසයේ සිදුවු දීර්ඝතම විදුලි කප්පාදුවට රට ලක්විය හැකි බවට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අනතුරු අඟවනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති, නිහාල් වීරරත්න මහතා පවසා සිටියේ, මේ වනවිට ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක් රැගත් නැව් 38ක් අප රටට අවශ්‍ය වුවත් රටට ලැබී ඇත්තේ නැව් 4ක් පමණ බවයි. මේ දිනවල නොරොච්චෝලේ ජනන කටයුතු සඳහා ගල් අඟුරු ලැබෙමින් පවතින බව ද ඒ මහතාසඳහන් කළා.

කතරගම මැණික් ගඟ ගැන විශේෂ නිවේදනයක්

වෙහෙරගල ජලාශය ජලයෙන් පිරීයාම නිසා එහි වාන්දොරටු හයක් අඩිය බැගින් විවෘතකර තිබෙනවා. ඒ මැණික් ගඟේ ජලපෝෂක ප්‍රදේශ වලට මේ දින වල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන්. එමඟින් තත්පරයට ඝනඅඩි එක්දහස් පන්සියයක පමණ ජල ප්‍රවාහයක් මුදාහැරෙන බවයි වාරිමාර්ග දෙපාර්තුමේන්තුව පැවසුවේ. මෙම තත්ත්වය මත මැණික් ගඟේ පහළ කොටස ජලයෙන් පිරෙන බැවින් මැණික් ගඟ පරිහරණය කිරීමේදී සැලකිලිමත් වන ලෙස කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් එම දෙපාර්තෙම්න්තුව ඉල්ලා සිටිනවා.

යාල වනෝද්‍යානයේ කොටසක් එළිපෙහෙළි කිරීමට අදාලව පරීක්ෂණයක්

යාල වනෝද්‍යානයට අයත් ගල්ආර ප්‍රේරණ කලාපය, කිසියම් පිරිසක් එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට නිලධාරී කණ්ඩායමක්, අද එම ප්‍රදේශය බලා පිටත්ව යන බව, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය පවසනවා. ඒ, අදාළ සිද්ධිය පිළිබඳ විමර්ශන වාර්තාවක් ලබා දෙන්නැයි වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා, අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට දුන් උපදෙස් මතයි. අදාළ සිද්ධියට වගකිව යුතු සහ රාජකාරී වගකීම් පැහැර හැර ඇති නිලධාරීන්ට එරෙහිව දැඩි විනයානූකූල පියවර ගන්නා බව, චන්ද්‍රා හේරත් මහත්මිය සඳහන් කළා.

ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු එක වර යුගදිවියට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු අද විවාහ ගිවිසගෙන තිබෙනවා. කසුන් රාජිත, චරිත් අසලංක, පැතුම් නිශ්ශංක කොළඹ ස්ථාන තුනකදී මෙලෙස විවාහ වුණා. ඇෆ්ගනිස්තානයට එරෙහිව මහනුවර පල්ලෙකැලේ දී ඊයේ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ද ඔවුන් ඇතුළත් වුණා. ඔවුන්ගේ මංගල උත්සව වලින් අනතුරුව අද සවස් වන විට නැවත සංචිතයට පැමිණීමට නියමිතයි. ඒ බදාදා මහනුවර පල්ලෙකැලේ හිදී පැවැත්වීමට නියමිත ඇෆ්ගනිස්තානය සමඟ මීළඟ තරගයට සූදානම් වීම සඳහායි.

Page 3 of 782
1 2 3 4 5 782