අද සවස් කාලයේදී වැසි

දිවයින හරහා ගමන් කරමින් පැවති පීඩන අවපාතය ඊයේ දින (02) රාත්‍රියේ අඩු පීඩන කලාපයක් බවට පත් වී දිවයිනෙන් ඉවතට ගමන් කළ බව කාලගුණ දෙපාර්තමේන්තුව අද (03) නිකුත්කළ නිවේදනයේ සඳහන්. එබැවින් අද දිනයේ සිට එහි බලපෑම අඩු වනු ඇති බවට අපේක්ෂා කරනවා. කෙසේවතත් උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද එහි සඳහන්. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. දකුණු පළාතේ උදෑසන කාලයේදීද වැසි ස්වල්පයක් ඇති විය හැකි වනවා. බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව…

ධීවර ප්‍රජාවට දැනුම්දීමක් – නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත පීඩන අවපාතයක්

නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය අද (01) පෙරවරුවේ මෙරට නැගෙනහිර වෙරළ තීරයට ළඟා වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ හේතුවෙන් උතුර, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර් 150 ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි. උතුර, උතුරු-මැද, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල පැයට කිලෝමීටර් 50 – 60 ත් දක්වා තද සුළං ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවලද තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන්. මේ අතර පීඩන අවපාතයේ බලපෑමෙන් ගිනිකොනදිග සහ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ඉතා රළු වන අතර…

අද ගිගුරුම් සහිත වැසි ඇතිවන කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (01) නිකුත් කළ නිවේදනයේ සඳහන්. උතුර, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකියි. උතුර, උතුරු-මැද, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (50-60) පමණ තද සුළං බලාපොරොත්තුවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශ වල විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං බලාපොරොත්තු වනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම…

ධීවර ජනතාවට විශේෂ දැනුම්දීමක්

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නොයෙදන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (40-50)පමණ වන අතර විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. මුහුදු ප්‍රදේශ ඉතා රළු හෝ රළු වන අතර තද වැසි හෝ ගිගුරුම් සහිත වැසිද ඇතිවිය හැකියි. එබැවින්, ඉහත සඳහන් මුහුදු ප්‍රදේශයට පෙබරවාරි මස 02දින දක්වා යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම්දෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.

Page 1 of 159
1 2 3 159