පාර්ලිමේන්තු කල් දැමීම ගැන චරිතගෙන් සැර කතාවක්

ජනතාවගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ආණ්ඩුව වෙන වෙන න්‍යාය පත්‍ර මත කටයුතු කරමින් රට ආගාධයට ගෙන යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා. එමෙන්ම පාර්ලිමේන්තු කල් දමා විකාර වැඩ කරන ආණ්ඩුක් තුන් ලෝකෙම නැතැයි ද මන්ත්‍රීවරයා සිය අදහස් දක්වමින් කියා සිටියා.

පළාත් පාලන මැතිවරණය ගැසට් කරයි

මාර්තු 9 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබෙනවා. මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයින් 80, 720 දෙනෙකු තරග කරන බව මැතිවරණ කොමිසම පවසනවා. එම අපේක්ෂකයින් පිළිගත් දේශපාලන පක්ෂ 58 කට සහ ස්වාධීන කණ්ඩායම් 329කට අයත් බව වාර්තා වනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රී සමාව අයැදියි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමස්ත කතෝලික ජනතාවගෙන් තමන් සමාව අයැද සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඒ අනුව තමාගේ පාලන කාලය තුළ මෙවැනි සිදුවීමක් සිදුවීම සම්බන්ධයෙන් සහ තමා කිසිඳු දෙයක් නොදැන සිටි අවස්ථාවක මෙම ප්‍රහාරය එල්ල වූ බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ. නඩු තීන්දුවේ සඳහන් කර ඇත්තේ, තමා වරදක් කර ඇති බවට නොවන බවත් ජනාධිපතිවරයා විසින් පත් කරන ලද නිලධාරීන් යම් බරපතළ වැරැද්දක් කළහොත් ඒ සඳහා ජනාධිපතිවරයාද වගකිවයුතු බව යැයිද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

Page 1 of 493
1 2 3 493