ලොව විශාලතම ගිනි කන්ද පුපුරා යයි

ලොව විශාලතම සක්‍රීය ගිනි කන්ද වන හවායි හි මවුනා ලෝවා (Mauna Loa) වසර 40 කට පමණ පසු ප්‍රථම වරට පුපුරා ගොස් තිබෙනවා. හවායි ගිනිකඳු ජාතික වනෝද්‍යානය තුළ පිහිටා ඇති මවුනා ලෝවා, එක්සත් ජනපද ප්‍රාන්තයේ විශාල දූපතෙන් අඩක් ආවරණය කරනවා. ගිනිකන්ද මුහුදු මට්ටමේ සිට අඩි 13,679 (මීටර් 4,169) ඉහළට නැඟී ඇති අතර වර්ග සැතපුම් 2,000 (වර්ග කිලෝමීටර් 5,179) කට වඩා වැඩි ප්රදේශයක් පුරා විහිදෙනවා. ගිනිකන්ද පිහිටි ප්‍රදේශය අවට සිට ජනතාවට අනතුරු අඟවා ඇති අතර අළුවැටීමේ අවදානමක් ඇති බවද දන්වා තිබෙනවා. ගිනිකන්දේ ස්වභාවය ක්ෂණිකයෙන් වෙනස්විය හැකි බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය…

විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය කාලය තීරණයට නීති සම්පාදනය ගැන අවදානය

මෙරට සිසුවෙකුට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස රැඳී සිටීමට හැකි උපරිම කාල සීමාව නීතියෙන් නියම කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පවසනවා. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා උපාධි පාඨමාලාවට තේරී පත්වන සිසුන් වෙනත් බොහෝ ක්‍රියාකාරකම්වල නියැලෙමින් අධ්‍යාපන කටයුතු නොසලකා හරිමින් සිටින බවයි ඔහු පැවසුවේ. විශ්වවිද්‍යාලයේ තුන් අවුරුදු උපාධි පාඨමාලා සිසුන්ට උපරිම අමතර වසර එකහමාරක් දක්වා අධ්‍යයන කටයුතුවල නියැලීමට අවසර දෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. අදහස් විමසීමෙන් අනතුරුව මෙම යෝජනාව රට තුළ නීතියක් බවට පත් කරන බවයි ඔහු කියා සිටියේ.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. Twitter පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කරනවා. ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව පත්කරන ලද කමිටුව විසින් ඉදිරිපත් කළ නිර්දේශ සඳහා මෙලෙස අනුමැතිය හිමිවූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් එමගින් සඳහන් කර ඇත්තේ.

අද ප්‍රදේශ කිහිපයකට පැය 12ක් ජල කප්පාදුවක්

අද (29) පෙරවරු 8:30 සිට පැය 12ක්, වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර (උතුර/ දකුණ), කටුකුරුන්ද /නාගොඩ ඇතුළු ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.  ඒ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බවයි එම මණ්ඩලය පැවසුවේ. 

චීනය විසින් පරිත්‍යාග කළ සහල් ගොඩබෑම් කටයුතු අද අවසන්

චීනය විසින් පරිත්‍යාග කළ සහල් මෙට්‍රික් ටොන් 1,000ක් රැගෙන ඊයේ (27) කොළඹ වරායට පැමිණි නෟකාවේ ගොඩබෑම් කටයුතු අද (28) අවසන් කළ බව මෙරට චීන තානාපති කාර්යාලය පවසනවා. එම සහල් මෙරට සිසුන් සඳහා බෙදාහැරීමට චීනය විසින් පරිත්‍යාග කර ඇති බවයි වාර්තා වන්නේ. එසේම ජූනි මාසයේ සිට මේ දක්වා චීනය විසින් මෙරට සිසුන් සඳහා සහල් මෙට්‍රික් ටොන් 8,000ක් ලබා දී ඇති බවද චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ගැටුමේ 6ක් රිමාන්ඩ්

රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 6දෙනෙකු එළඹෙන 30 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා. සැකකාර සිසුන් අද ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 7දෙනා අතරින් එක් සිසුවෙකු ඇපමත මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධියෙන් තුවාල ලැබූ සිසුන් 12 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර තිබෙනවා.

Page 1 of 1679
1 2 3 1,679