යාල වනෝද්‍යානයේ කොටසක් එළිපෙහෙළි කිරීමට අදාලව පරීක්ෂණයක්

යාල වනෝද්‍යානයට අයත් ගල්ආර ප්‍රේරණ කලාපය, කිසියම් පිරිසක් එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට නිලධාරී කණ්ඩායමක්, අද එම ප්‍රදේශය බලා පිටත්ව යන බව, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය පවසනවා. ඒ, අදාළ සිද්ධිය පිළිබඳ විමර්ශන වාර්තාවක් ලබා දෙන්නැයි වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා, අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට දුන් උපදෙස් මතයි. අදාළ සිද්ධියට වගකිව යුතු සහ රාජකාරී වගකීම් පැහැර හැර ඇති නිලධාරීන්ට එරෙහිව දැඩි විනයානූකූල පියවර ගන්නා බව, චන්ද්‍රා හේරත් මහත්මිය සඳහන් කළා.

රජයේ සහනාධාර අප්‍රේල් මාසයේ සිට

රජයේ සහනාධාර ලබා ගැනීම සඳහා යොමුකර තිබූ අයදුම්පත් ලක්ෂ 34 ක් පිළිබඳව සමීපව අධ්‍යයනය කරමින් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ, සුදුසුම පුද්ගලයින් පමණක් තෝරාගෙන ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට එම සහනාධාරය ලබාදෙන බවයි. මේ වනවිට ලබාදෙන රජයේ සහනාධාර ද, ලබන අප්‍රේල් මාසය දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක බව, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළා.

රියදුරු බලපත්‍රය සඳහා ලකුණු ලබාදීමේ අලුත් ක්‍රමවේදයක්

2023 ජනවාරි මස සිට රියදුරු බලපත්‍රය සඳහා අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.ගුණාත්මක රියදුරෙක් බිහිකිරීමේ අරමුණින් එම ක්‍රමවේදය හඳුන්වා දෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ. එමෙන්ම අදාළ ක්‍රමවේදයට අනුමැතිය හිමිව තිබුණත් වසර 08ක කාලයක් පුරා ක්‍රියාත්මක වී නොමැති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. අද (28) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් එම ක්‍රමවේදය පිළිබඳ ඒ මහතා වැඩිදුරටත් අදහස් දැක්වුවා. ඒ අනුව රිය පැදවීමේ දී සිදුවන වැරදි 32කට අදාළව ලකුණු කැපීම සිදුවනු ඇති. 1.ලකුණු 24ක් කැපී ගියහොත් අදාළ රියදුරාගේ රියදුරු බලපත්‍රය වසරක කාලයක් සඳහා අත්හිටුවනවා.2.පරිවාස…

ඩයනාට නොතීසි නිකුත් කරයි

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය අද (28) නොතීසි නිකුත් කළා. ඒ බ්‍රිතාන්‍ය පුරවැසි භාවය දැරීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන ලෙස ඉල්ලා නීතිඥ අසිල් ෆාරිස් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද තීන්දු කිරීමෙන් පසුවයි. එමෙන්ම දෙසැම්බර් 12 වැනි දා අධිකරණයේ කරුණු දක්වන ලෙසත්, අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ බ්‍රිතාන්‍ය පුරවැසිභායට පිළිබඳ සියලු ලිපි ලේඛන එදින අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කර තිබෙනවා.

මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි

මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය මාස 5ක කාලයකට අත්හිටුවීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ, දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් බව අමාත්‍යවරයා කියා සිටියා. ඒ අනුව 2023 ජනවාරි 15 වැනිදා සිට මෙය ක්‍රියාත්මක බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

අයිස් නිසා ඇති වන මානසික රෝග

අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සහ මානසික රෝග ඇති වීම අතර පැහැදිලි සම්බන්ධයක් පවතින බවට පර්යේෂණ මඟින් අනාවරණය වී තිබෙනවා මේ පිළිබඳව මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා සඳහන් කළා. විශේෂඥ වෛද්‍යවරයා පෙන්වාදෙන්නේ මෙරට පාසල් සිසුන් සහ තරුණ ප්‍රජාව අයිස් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි කරගැනීම වෙනුවෙන් සංවිධානාත්මක වැඩසටහන් ජාලයක් ක්‍රියාත්මක වන බවට නිරීක්ෂණය වන බවයි.

Page 3 of 1679
1 2 3 4 5 1,679